facebook

LK Gossip News Stats

ott 09

  කසිප්පු බෝට්ටුවක් මාට්ටු                                                 බෝට්ටුවකින් කසිප්පු බෝතල් 150 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව හලාවත පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අඟහරුවාදා(08) රාත්‍රීයේ මෙම වැටලීම සිදු කර ඇත. හලාවත - මැරවල කසිප්පු දූපතේ සිට හලාවත වැල්ල කොළණිය දක්වා බෝට්ටු මගින් කසිප්පු ප්‍රවාහනය කරන බවට ලැබී තිබී තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු තොගය ප්ලාස්ටික් කෑන් වල අසුරා තිබී ඇත. 


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත - වැල්ල කොළණියේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති කසිප්පු තොගය,සැකකරුවන්,කසිප්පු ප්‍රවාහනය කිරීමට යොදා ගත් බෝට්ටුව සහ ඇන්ජිම හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු නිළදාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.