facebook

LK Gossip News Stats

ott 23

විල්පත්තු ලේනා නළුවෙක් වෙයි
                                                      බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වන ජීවී චිත්‍රපටයක් තිර ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පෝල් විලියම්, මවගෙන් වෙන් වුණු ලේන් පැටියකු දුටුවේය. අසනීප ගතියෙන් සිටි ලේන් පැටියාට සාත්තු කළ ඔහු  ‘රොබ්‘ යනුවෙන් නමක් ද තැබීය. මාසයක්ම ලේන් පැටියාට සාත්තු සප්පායම් කළේය.

ලේනාගේ මව ලේනා සොයා එතියි ලේන් පැටියා ගස් බෙනයක තැබුව ද මව නොපැමිණියා ය.
දැන් ලේනා ඔහුගේ කමිස සාක්කුවේ සිටී. ලැප්ටොප් පරිගණකයේ සිටී. ඔහුගේ කෝප්පය ඇතුළට ද යයි.
පෝල් ලංකාවට පැමිණියේ විල්පත්තු දිවියන් හා පුරා විද්‍යා නටබුන් ගැන වාර්තා චිත්‍රපටයක් සැකසීම සඳහාය.
තමා කොතරම් ලේන් පැටියාට ආදරය කළත් තම රටට ලේන් පැටියා රැගෙන යා නොහැකි බව පෝල් කියයි.
අනෙක් අතට ලේනුන් හොද සුරතළුන් නොවන බව ද ඔහු කියයි.