facebook

LK Gossip News Stats

දරුවන් රකින්න නව කෙටුම්පතක්                        මෙරට දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ළමාරක්ෂක ප්‍රතිපත්ති කෙටුම්පතක් ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් සකස් කොට ඇත. පවුල පදනම් කර ගනිමින් උපතේ සිට ළමා කාලය අවසන් වනතුරු අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාරපාන, රැකවරණය, සපයමින් දරුවාට ආරක්ෂාව සැපයීම  ආදි විවිධ අංශ ගණනාවකට අවධානය යොමු කරමින් මේ කෙටුම්පත සකස් කොට ඇත.

මෙහි පළමු පිටපත ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියට පිළිගැන්වූ අතර දෙවැනි පිටපත ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතාට පිළිගන්වා ඇත. ඉදිරි දින කිහිපයේ දී මේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.                                                                                   
Sri Lanka bribes India with coal power plant, Marxist party claims