facebook

LK Gossip News Stats

 ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් දහදෙනා තේරුවොත් මමත් අනිවාර්යෙන්ම ඉන්නවා                                                                  ඔහු රංගන ක්‍ෂේත්‍රයට පිවිසුණෙත්, රැඳුණෙත් විකට රංගන ශිල්පියෙකු විලසටය. දශක ගණනක් වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය  ක්‍ෂේත්‍රයේ විකට රජකු ලෙස කිරුළු දරමින් හාස්‍ය රංගනයෙන් ඔපවත් වූ ඔහු ටෙනිසන් කුරේය. මෙවර රැජින කතාබහට අපි ටෙනිසන් එකතු කරගන්නට සිතුවෙමු.                                                                          මුලින්ම අපි ඔබේ නවතම කලා තොරතුරු ගැන දැනගන්න කැමතියි.

“මේ දවස්වල මම ‘සිවම්මා ධනපාල’ වේදිකා නාට්‍යය සමග රටවටා යනවා. ඒ වගේම ‘රන්ජා’, ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ හා ‘ඇද්ද ලණුව දැම්ම කොඩිය’ යන මා රඟපෑ චිත්‍රපට ළඟදීම තිරගත වේවි. ‘සුපිරි අන්දරේ’ කියල නවතම චිත්‍රපටයකටත් මේ දිනවල දායක වෙනවා. ඔය ඇතිනේ ඉතින්.”
‘සිවම්මා ධනපාල’ මෙරට බිහිවූ ඓතිහාසික නාට්‍යයක්?

“1911දී චාල්ස් ඩයස් ශූරීන් තමයි ඔය නාට්‍යය මුලින්ම නිර්මාණය කළේ. එදා මෙදා තුර වාර දහස් ගණනක් වේදිකාගත වුණු ඔය නාට්‍යයේ රුක්මණි දේවිය පවා සිවම්මාගේ චරිතය රඟපාලා තියෙනවා. ඔය නාට්‍යයේ අයිතිය තිබුණේ 
ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමාට. එතුමා චාල්ස් ඩයස් ශූරීන්ගේ මුණුපුරෙක්. ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා ‘සිවම්මා ධනපාල’ නාට්‍යය වික්ටර් වික්‍රමගේට දුන්නා. වික්ටර් වික්‍රමගේ තමයි එය මට පැවරුවේ. දැන් නාට්‍යයේ අයිතිය තියෙන්නේ මා සතුව.”
චාල්ස් ඩයස් සූරීන්ගේ නූර්තියට අප දැක පුරුදු ටෙනිසන් කුරේගේ හාස්‍යය කොයිතරම් දුරට ගැළපේද?
“අපි ටෙනිසන් කුරේව පැත්තකින් තියමුකෝ. 1911 කළ නාට්‍යය ඒ විදිහටම පෙන්නුවොත් අද ප්‍රේක්ෂකයා ඒක 
ප්‍රතික්‍ෂේප කරාවි. එදා නාට්‍යයේ ගීත හැටක් තිබුණා. නාට්‍යය පැය හතක් වේදිකාගත වුණා. අද කා‍ලේ නාට්‍යයක් බලන්න තියා සමහරු රැකියා ස්ථානයකවත් පැය අටක් ගත කරන්න කැමැති නෑ. ඒ හින්දා ගීත හයක් තියන පැය තුනක නාට්‍යයක් ලෙස තමයි මම මෙය නිරීක්ෂණය කරන්නේ. ඒ වගේම එදා රංගන ෙශෙලිය අදට වලංගු නැහැ. අදට ගැළපෙන ෙශෙලයක් තමයි මම නාට්‍යයට ඇතුළත් කරලා තියෙන්නේ”.
ඔය එතකොට කලා නිර්මාණයේ ඓතිහාසික වටිනාකමට හානියක් වේවි නේද?
“මීට අවුරුදු දොළහකට කලිනුත් මම ‘සිවම්මා ධනපාල’ නව නිර්මාණයක් හැටියට ඉදිපත් කළා. ඒ ඔත්පල වී සිටින ටවර්හෝල් ශිල්පීන් සඳහා අරමුදලට නාට්‍යයේ ආදායමෙන් ප්‍රතිශතයෙන් කොටසක් ප්‍රදානය කරන්නයි මම එදා ‘සිවම්මා ධනපාල’ කළේ. නමුත් නාට්‍යය සාර්ථක වෙද්දී කුහක විවේචන ආවා. මම කලකිරිලා වැඩේ නතර කළා. අද යළි එය කරන්නේ අද පරපුර අතරට ‘සිවම්මා ධනපාල’ නාට්‍යය අරගෙන යන්න. ඔය කියන විදියට ඓතිහාසික නාට්‍යය ඒ විදියටම තියාගෙන එය පවත්වාගෙන යන්න බැහැ.”
ඔබ සිනමාව සහ ඔබේ ස්වනිර්මාණ තුළ මවන විහිළුමද ඔය නාට්‍යය තුළත් මවන්නේ?
“ඔව් ඒ මගේ අනන්‍යතාවය. ඒක මතනේ මගේ කලා ජීවිතය පවත්වාගෙන යන්නේ.”

නමුත් ඔබේ හාස්‍යයට බණින දැඩි විවේචන එල්ල කරන පිරිසකුත්  ඉන්නවා.

“මට විතරක් නමෛයි අපේ රටේ කිසිම විකට නළුවකුට පිළිගැනීමක් ලැබුණේම නැහැනේ. කවදද අපේ රටේ විකට නළුවන්ට සම්මාන දුන්නේ. ජෝ මහත්තයාට වුණත් සිනමාවේ ඉහළම තැනකට එන්න පුළුවන් වුණේ විකට චරිතවලින් මිදුණට පස්සෙයි.”
විචාරක සම්මානයට පාත්‍ර නොවුණත් එඩී ජයමාන්න, ෆේ‍රඩී සිල්වා, ඇන්තනී පෙරේරා වැනි අය විකට චරිත ඔස්සේ සමාජයේ ඉහළම තැනකට පත්වුණා.
“ඔය කියන විකට නළු පරපුරේ අන්තිමට බිහිවුණේ බන්දු සමරසිංහයි, මමයි. අපි දෙන්නාගෙන් පසුව හාස්‍ය නළුවන් හිටියත් ඒ අය අර මුල් පරපුර තරම් මතුවුණේ නැහැ.”                                                                               නමුත් පැරණි පරපුරේ නළුවන් වගේ ඔබව අගැයීමට ලක් නොවන්නේ ඇයි?
“ඔය කතා කරන්නේ කීපදෙනෙක් ගැනනේ; නමුත් මගේ වටේ රසිකයන් රොද බැඳගෙන නැත්නම් මේ වෙනකොට ටෙනිසන් කුරේ ගිලිහිල සෑහෙන කාලයක්. ඔය ප්‍රබුද්ධයෝ මොනවා කිව්වත් ඒ ප්‍රතිචාරය මම ඉතාම හොඳින් ලබනවා. අනෙක ඔය බොරු ජනප්‍රියත්වයක් මවාපාගෙන ඉස්සරහට එන්න හදන්නේ තමන් ගැන ආත්මවිශ්වාසයක් නැති අය”.
 නමුත් ඔබ තුළත් ඔබ ගැන යම් තක්සේරුවක් ඇති?
“මොකද නැත්තේ තියනවා. කවුරුන් හෝ සර්ව සාධාරණ සමීක්ෂණයක් කරලා ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් දහදෙනා තේරුවොත් අනිවාර්යයෙන්ම ඒ අතර මමත්  ඉන්නවා”.
ඔබ කොහොමද එහෙම එඩිතර ප්‍රකාශයක් කරන්නේ?
“රට පුරා ප්‍රේක්ෂක ජනතාව මට දක්වන උණුසුම් ප්‍රතිචාර නිසා තමයි“.


                                                      (Reuters) - An opening goal from Jack Wilshire in Arsenal’s 4-1 Premier League win over Norwich City on Saturday was described by manager Arsene Wenger as one of the best he had seen in his 17 years at the north London club.
Wilshere volleyed home in the 18th minute after exchanging four quick passes with Olivier Giroud. Mesut Ozil scored twice and Aaron Ramsey grabbed his ninth of the season to help Arsenal to a two-point lead at the top of the table.
“All the four goals were great but the first was exceptional,” Wenger told a post-match news conference. “It was one of the best in my time here for sure.”
Wenger said Arsenal, who have not won the league since 2004, were better placed than they had been in any October of recent years. But he stressed the jury was still out on whether they had the resources to take this season’s title.
“We have a good attitude and good solidarity level. We have real quality that is clear,” he said. “But how far will we go? How consistent will we be? We will have to see.
“We come out of a long period where at this point in October most of the time in recent years…we were already behind. At the moment we are in a better position.”
Arsenal, unbeaten since an opening day home defeat by Aston Villa, had made hard work of the first hour on Saturday, failing to carve out any clear cut opportunities after Wilshere’s opener. It was not until the game began to break up in the second half that they began to look like scoring again.
After a period of Norwich pressure early in the second half they broke forward on 58 minutes, Ozil heading home Giroud’s pinpoint cross.
Jonathan Howson drove past goalkeeper Wojciech Szczesny from the edge of the box to get Norwich back in the game with 20 minutes to go before Ramsey slalomed past three defenders in the box, dummying to shoot twice, before driving home.
Ozil tapped in a well-worked fourth with two minutes to go.
“Norwich are a good side,” said Wenger. “We had a difficult period between 30 and 60 minutes when we struggled to keep our game going. But I am very happy with the performance.”
He added that Matthieu Flamini, who came off with concussion midway through the first half, was doubtful for Tuesday’s Champions League clash with Borussia Dortmund in London.