facebook

LK Gossip News Stats

අම්මා බත් බෙදාගෙන එන්න ගිය වෙලාවේ පුංචි පුතා ළිඳට වැටී මරු තුරුලට                                                     ඌරගස්මංහන්දිය හබුරුගල ප්‍රදේශයේ නිවෙසක පදිංචි මවක සිය දරුවාට බත් බෙදාගෙන ඒමට ගිය අවස්ථාවේ ගේ පිටුපස තිබූ අනාරක්‍ෂිත ළිඳකට වැටී සිවු හැවිරිදි පිරිමි ළමයකු මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ කවිඳු සංඛජිත් රණවක නමැති පිරිමි ළමයෙකි. දරුවා ළිඳට වැටුණු ශබ්දයට දිව ආ මවගේ කෑ ගැසීම නිසා ගම්වාසීන් ළමයා ගොඩගෙන බෙන්තර රෝහලට ගෙනගොස් ඇති නමුදු රෝහලට ඇතුළත් කරද්දී එම ළමයා මියගොස් ඇත.