facebook

LK Gossip News Stats


ආදරය නැත්නම් අමාරුයි.                                                          ජනප්‍රිය යමක් කළ හැකියැයි අපි විශ්වාස කරන රටේ කතා බහට ලක්විය යුතු බොහෝ චරිත ආලින්දය හරහා අපි  කතා බහට එක්කර ගන්නවා. අදත් එවැනිම තාරකාවක් ආලින්දය වෙනුවෙන් පැමිණ සිටිනවා. 


මේ දවස්වල දෙරණ සිටී ඔෆ් ඩාන්ස් බලනවානම් ඔබට ඇයව දැකගන්නට ලැබෙයි. නර්තනයට මෙන්ම රංගනයෙනුත් දක්ෂතා දක්වන ඇය අද ආලින්දය හැඩගන්වන්නයි පැමිණ සිටින්නේ.

ඇය නමින් තිරාශා සෙව්වන්දී...

* ඉතින් තිරාශා කොහොමද මේ දවස්වල ජීවිතය ගත වෙන්නේ? 



මේ දවස්වල ජීවිතය හරිම කාර්ය බහුලයි. එකට හේතුව දෙරණ නාලිකාව 

* මොනවාද අලුත් තොරතුරු? 



මේ දවස්වල රූපගත කිරීම් කරනව ටෙලි නාට්‍ය 3ක .ඒත් එක්කම දෙරණ සි‍ටී ඔෆ් ඩාන්ස් නර්තන තරඟාවලිය සඳහා හරිම අමාරුවෙන් මුහුණ දෙනවා. මේ වෙන කොට තරඟයේ හොඳම අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ‍. ලොකු අභියෝගයක් වෙලා දැන්. එත් එක්කම මං කැලණි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු එක්ක හැම දෙයක්ම බැලන්ස් කරගෙන හරිම අමාරුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා.                                                                      * සිටී ඔෆ් ඩාන්ස් තරඟාවලියේ අලුත් අත්දැකීම් මොනවාගේද?

තරඟාවලියෙන් මං ගොඩාක් අත්දැකිමී ලබා ගත්තා. දෙරණ නාලිකාව මට දීපු අවස්ථාවෙන් මගේ ජීවිතය වෙනම පැත්තකට අරගෙන ගියා‍. මොකද ගොඩාක් අය දැනගෙන හිටියේ නෑ මට නර්තන හැකියාව තියනවා කියලා. ඒ නිසා මං හිතන්නේ හොඳ අවස්ථාවක් මට ලැබුණේ. බලමු ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා.

* ඔබ මේ වෙනකොට රංගනයෙන් වගේම නර්තනයෙනුත් දක්ෂතා දක්වනවා අදහසක් එහෙම නැද්ද ගායන ක්ෂේත්‍රයටත් පිවිසෙන්න?මම ගායන කටයුතු වලට සම්බන්ධ වෙලා තියනවා. මගේම කියලා සිංදුවකුත් ළඟදීම කරා. දැන් එකේ වීඩියෝව කරන්න තියනවා ඒකත් මං දෙරණ නාලිකාවට දෙනවා. දැන් ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියලා තියනවා මේ තියන කාර්ය බහුලත්වය නිසා.

* එතකොට ඉදිරියේදී ගායනය සම්බන්ධයෙන් මොනවාගේ නිර්මාණයකින්ද  අපිට ඔබට දැක ගන්න ලැබෙන්නේ?


තරඟාවලිය නිසා පොඩ්ඩක් පස්සට දාන්න සිද්ධ වුණා මේ වැඩේ‍. හැබෙයි මට ඕන හොඳ වැඩක් කරන්න සහ මගේම නිර්මාණයක් කරන්න. අපේ ක්ෂේත්‍රයේ ඉන්න සංගීතඥයෝ ගොඩාක් දෙනෙක් මට කිව්වා ඔයා ඇයි සිංදුවක් කරන්නේ නැත්තේ කියලා‍.හැබැයි  මං සංගීතය පැත්තට එහෙම දක්ෂතාවයක් තියනවා කියලා දැනගෙන හිටියේය නැහැ. ඊට පස්සේ තමයි තීරණය කළේ සිංදුවක් කරන්න ඕන කියලා.                                                                                    
 * ජනප්‍රිය වෙන්න වෙන්න සමාජයෙන් මොනවාගේ ප්‍රතිචාරද තිරාෂාට ලැබෙන්නේ?


සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගෙඩාක් හොඳයි මං හිතන්නේ. මොකද ක්ෂේත්‍රයේ ඉන්න ඕනම කෙනෙකුට ජනප්‍රියත්වය කියන්නේ ආභරණයක්. ජනප්‍රියත්වය  හොඳයි ඒක අපිට ‍සමහරක් තැන් වලදී ගොඩාක් උදව් වෙනවා.

* හැබැයි වැඩිපුර ආභරණ පළදවා ගත්තාමත් ටිකක් ප්‍රශ්න එනවා වැඩියි. ඒ වගේම කට කතා හැදෙනවා .තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.බොහෝ වූ ප්‍රතිරූපයන් සමාජය විසින් නිර්මාණය කරනවා. ඒ සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද ඔබට තියෙන්නේ?
මෙහෙමයි අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ඉතින් අපිට ලංකාවේ විදියට ජීවත් වෙන්න වෙනවා. හැබැයි කටකතා කියන ඒක මං පිළිගන්නේ නැහැ. හැබැයි 100% ඒවා කටකතා කියලා කියන්නම බෑ. ඉතින් අපි දකිනවා හොඳ අයටත් කටකතා හැදෙනවා. ඒක අපිට නවත්වන්න බෑ. මිනිස්සු ඉතින් කට කතා කියයි.මං හිතන්නේ අපි අපේ ගමන දන්නවානම් අපිට කටකතා ප්‍රශ්නයක් නෑ.

* ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොනවාගේද ඔබට? 


මම මේ ක්ෂේත්‍රයට ආවේ 2005 වර්ෂයේදී. මට වැඩ කරන්න හම්බවේච්ච අය වැඩි හරියක්ම ප්‍රවීණයෝ. අපි මේ ළඟකදී ඉඳළා තමයි මෙගා කියන රාමුව තුළ ඉඳළා වැඩ කරන්නේ. ඉතින් මං හිතන්නේ මං වැඩ කරපු ගොඩාක් කලා කටයුතු වල හිටියේ ප්‍රවීණ අය.එයාලගෙන් ගොඩාක් හොඳ සහයෝගයක් මට ලැබෙනවා අපි රඟපානකොට කියලා දෙනවා ගොඩාක් අය.  මෙහෙම නෙවෙයි මෙහෙම කරන්න කියලා. මං හිතන්නේ ප්‍රවීණයන් දෙන අවවාද ගොඩාක් වටිනවා අපේ රංගන ජීවිතය ඉදිරියට ගෙනියන්න.                                                                                           
                                                             
* හාබැයි සමහර වෙලාවට ප්‍රවිණයන් කියන දෙයක් තමයි ආධුණිකයන් සමඟ වැඩ කරද්දි පොඩි පොඩි ගැටලු එනවා කියලා. ඉතින් ඒක නිසා මේ ක්ෂෙත්‍රය තුළ අලුතින් එන්න ඉන්න කෙනෙකුට මොනවාගේ විදියට කටයුතු කරන්න කියලාද ඔබ කියන්නේ?

මං හිතන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ පිරිස අපේ නිර්මාණ වලට කරල තියන දේ ගැන බැලුවෝත් ගොඩාක් ලොකුයි. ඉතින් ඒ ගැන විස්තර කරන්න බෑ අපිට. ඒ තරම් හොඳ ‍ලොකු නිර්මාණ අපිට ප්‍රවීණයෝ දීලා තියනවා. ඉතින් දැන් අපි උනත් ඒ තත්ත්වයට  රඟපාන්න බැරිකමක් නෑ. මට හිතෙන්නේ හැමෝම ඒ තත්ත්වයට වැඩ කළෝත් හොඳයි සහ ප්‍රවීණයන්ට අපි අනිවාර්යෙන් ගරු කරන්න ඕන. එයාලගේ අවවාද අපි පිළිපදින්න ඕන.ඒ අනුව වැඩ කළෝත් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

* මේ දක්වා ක්ෂේත්‍රයේ පැමිණි දුර ගැන සෑහීමකට පත්වෙනවද?


ඇත්තටම මම සෑහීමටක පත්වෙනවා හේතුව තමයි මං මගේ අධ්‍යාපන කටයුතු සමඟ පැමිණි ගමනක් මේක. මොකද අධ්‍යාපන කටයුතු අතහැර මේ ගමනට ආවේ නැහැ. 2005 අවුරුද්දේ ඉඳළා වැඩ කළා හැබැයි  තෝරා බේරා ගෙන බොහොම අඩුවෙන්. උසස් පෙළ කළා. මේ වෙන කොට මං කැලණි විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා එකක් කරනවා. ඉතින් ඒවාත් සමඟ මං ආපු ගමන් මග ඇත්තටම වැඩියි. සිටී ඔෆ් ඩාන්ස් එකේ ඉන්නකොටත් මං දෙවැනි අවුරුද්දේ විභාගය ලියලා ඊට පස්සේ මං ආවා රේකොඩින් වලට  ඉතින් එහෙම ලොකු බැලන්ස් එකක් කරන්න සිද්ධ වුණා. හැබැයි මගේ ප්‍රතිඵලත් හොඳයි. මගෙන් යාළුවොත් අහනවා ඔයා ලෙක්චර්ස් එන්නෙත් නැතුව කොහොමද මේහෙම කළේ කියලා.                                                                                                                                               
                                                     
* ක්ෂේත්‍රය තුළ  ලබපු අමතක නොවන අත්දැකීම මොකක්ද?

දවසක් මං ගිළෙන්න ගියා ඒකනම් අමතක වෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයක  රූපගත කිරීම් කරන කොට. හැබැයි මට පීනන්න පුළුවන් හරිද. නැත්නම් හිතයි මට පීනන්න බෑ කියලා. මං කලයක් අරගෙන යනකොට ලිස්සලා වතුරට වැටුණා. ඊට පස්සේ ඉතින් කට්ටිය ඇවිත් මට උදවු කළා. එහෙම අවස්ථා තියනවා.

* වඩා වැදගත් මුදල්ද? රංගනයේ යෙදෙන චරිතයේ ගුණාත්මකභාවයද?

අනිවාර්යෙන් චරිතයේ ගුණාත්මකභාවයට මුල් තැන දෙනවා. මුදල් පසුපස යනවා කියන එක මං පිළිගන්නේ නැහැ. මෙහෙමයි අපිට මුදල් ඕන. මුදල් නැතුව අපි රඟපාන්නේ නැහැ. ඒක ඇත්ත කතාවක් නේ ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙක් එහෙමනේ. ඒකනේ ඇත්ත කතාව.‍ සමහරක් නිර්මාණ ගන්න දෙයක් නැති වෙනවා මොකද ඒවා ගැන අයෙත් හොයලා බැලුයවොත් අපි කරපු දෙයක් නෑ ඒ නිර්මාණවල. ඒ අතින බලද්දී හොඳ නිර්මාණයකට කතා කළෝත් දායක වෙනවා. ඒ ඇරෙන්න සල්ලි කියන දේ ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ.

*ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?


මේ කියන දෙකම ඕන. වැඩිපුරම වැඩි වාසනාව කියන දේ හරිද. මේ රටේ ඉන්නවානේ වාසනාව නැතිව හැබැයි දක්ෂතාවය තියන අය ඉන්නවා‍. හැබැයි ඒ අයට වාසනාව කියන දේ නෑ. ඉතින් ඒක ඇවිල්ල වාසනාව නැති එක. හැබැයි ඉතින් මේ ක්ෂේත්‍රය තුළ රඟපාන්න දක්ෂතාවයත් ඕන.

* කලාකරුවෙකු තුළ තිබිය යුතුම අංග ලෙස ඔබ දකින්නේ මොනවාද?


නිහතමානී වෙන්න ඕන කලාකරවෝ උනාම. නිහතමානී  වෙනවා කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න පුළුවන්.                         * මේ කියන ගුණාංග වලින් තිරාශාට තියන ගුණාංග සහ දුරුවලකම් මොනවාද?
මං හිතන්නේ මං නපුරු කෙනෙකුත් නොවෙයි හැබැයි අහිංසකත් නෑ. දන් ගොඩාක් අය ක්ෂේත්‍රයේ හිතාගෙන ඉන්නේ මං ගොඩාක් නපුරුයි කියලා.එයාලා ටිකක මාව ආශ්‍රය කරන්න ගත්තාම හරිම මිත්‍රශීලි චරිතයක් කියලා මට කියනවා. ඉතින් එහෙම පිටින් බලලා ගුණාංග කියන එක වැරදියිනේ හරිද. හැබැයි මගේ අම්මි මට තියන දේයක් තමයි මං හරිම අඩුවෙන් කන්ටැක්ස් තියාගන්නේ කියලා.  දැන් අද රූපගත කිරීම් කරලා ගියාම අයිමත් මං කතා කරන්නේ එයාලත් එක්ක නැවත රූපගත කිරීමක් කරන්න යද්දි.එහෙම මගේ පොඩි අඩුපාඩුවක් තියනවා සමහරක් විට කාර්ය බහුලකම නිසා වෙන්නත් පුළුවන්.

*  දැනට ආදර සම්බන්ධතාවයක් තියනවාද? ආදරය ගැන මොකද හිතෙන්නේ?


බොරු කියන්න ඕන නැහැනේ. ආදරය කියන දේ ඕන ජීවිතයට. ආදරය කියන දේ ‍ ගොඩාක් වටිනාව අම්මගේ ආදරය තාත්තගේ ආදරය. ගෙදර අනිත් හැමො‍්ගේම ආදරය. මොකද ආදරය කියන සංකල්පය තියෙන්න ඕන. නැත්නම් අමාරුයි.

* ගෙදර අම්මගේ තාත්තගේ ආදරය නැතුව පිට පාර්ශවයකගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නේ තිරාශාට?

මෙහෙමයි මම විශ්ව විද්‍යාල සිසුවියක්. ඇත්තටම ගත්තෝත් එහෙම ආදර සම්බන්ධතා තිබුණේ නෑ කියලා කියන්න බෑ.මෙතන ඇවිල්ලා බොරුවට නෑ කියන්න බෑ.ඒක බොරුවක්නේ.හැබැයි තිබිලා නැත්තේ නෑ තිබිලා තියනවා. බලමු ඉතින් ආදරය ගැන මාධ්‍යයට කියන්න ඕන දවසක කියන්නම්.

* හරි කවුරුහරි තිරාශාගෙන් දැනට ආදරය විදිමින්ද ඉන්නේ කියලා ඇහුවෝත් තිරාශා කියන්නේ මොකක්ද?

මං දන්නේ නැහැ.

* තිරාශා මොනවාගේ සහකරුවෙක්ද බලාපොරොත්තු වෙන්නේ? 

හොඳ වෙන්න ඕන.හොඳ ගතිගුණ තියෙන්නත් ඕන. මට උදවු කරන කෙනෙක් වෙන්නත් ඕන. හැබැයි ගොඩාක් ආදරය කරන කෙනෙක් වෙන්නත් ඕන.                                                                                                                               
                                                                  
*කලා ශිල්පිණියන් බොහෝ දෙනකු විවාහ වීමෙන් පසුව කලාවට වඩා පවුලේ  කටයුතුවලට මුල් තැන දෙන බව පවසනවා. ඔබත් එහෙමද?
මෙහෙමයි මම වෘත්තීය කලා ශිල්පිණියක් කියනවානම් ඒක වැරදී.මම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙනෙක් නිසා මට සමහරක් වෙලාවට ඉදිරියේදී වෘත්තීයක් ලැබෙයි.එහෙම ගත්තෝත් වෘත්තීමය රංගන ශිල්පිණියක් කියන එනකන් මට බැහැර වෙන්න වෙයි. හැබැයි ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ. හොඳ නිර්මාණයක් ලැබූණාම මම කරයි. හැබැයි විවාහ වීමෙන් පසු මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා කියන්නේ ඒක ලොකු අපරාධයක්. මං හිතන්නේ නෑ ඒක කරන්න ඕන දෙයක් කියලා.

*  ඔබට මොන වාගේ සහයෝගයක්ද ගෙදරින් ලැබෙන්නේ?
මට ගෙදරින් නීති රීති නෑ. මගේ අම්මි තමයි ලොකුම සහයෝගය. ඒක ගොඩාක් දෙනෙක් දන්නවා. හබැයි මෙහෙමයි මම රූපගතකිරීම් වලට තනියම යන වේලාවන් තියනවා.මගේ අම්ම උපරිම සහයෝගයක් මට දෙනවා.මගේ පවුලේ විස්තර කිව්වෝත් අම්මයි, තාත්තයි අයියලා දෙන්නයි මල්ලියි ඉන්නවා.මං තමයි එකම ගෑණු ළමයා ගෙදර ඉන්න.එහෙම කියලා මට නීති රීත දාලා නෑ ගෙදරින් අයියලත් එහෙමයි.ඉතින් ගෙදරින් උපරිම සහයෝගය මට දෙනවා.

* අනාගත බලාපොරොත්තු ‍මොනවාද?

අපිට පොඩි කාලේ ඉඳළා එක එක බලාපොරොත්තු තියනවානේ. ඉතින් කාලය වෙනස් වෙනකොට එක එක දේවල් එක එක විදියට පෙරළිලා තියනවා. එකම බලාපොරොත්තුව මගේ ඩිප්ලෝමා එක අවසන් කරන එක තව අවුරුදු 2ක් තියනවා ඒකට. එත් එක්කම ඉතින් ලොකු බලා‍පොරොත්තු නෑ. මොකද ඒවා තියාගෙන නැති වූණාම දුක් වෙන්න වෙනවානේ. කලා ක්ෂේත්‍රය  පැත්තෙන් ගත්තෝත් හොඳම නිළිය වෙන්න කැමති කවදාහරි දවසක.                                          * පැමිණි ගමන් මග තුළ ස්තූති කරන්න ඉන්නවද කවුරු හරි ඔබට?

මුලින්ම මතක් කරන්න ඕන කෙනෙක් ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහතාව. 2005 දී මේ ක්ෂේත්‍රයට එන්න අත දුන්නේ එතුමා.ඒත් එක්කම මගේ ගෙදර අය. මට උදවු කරපු පිරිස ගෙඩාක් දෙනෙක් ඉන්නවා.එහෙම නම් වශයෙන් කියන්න අමාරුයි. මේච්චර දවසක් උදවු කරපු හැමෝටම බොහොම ස්තූතිය.                                                                                                                                                                                                                                                                                                                                                                                   By Indika Sri Aravinda The Sunday Leader learns that defence authorities were placed on high alert last week after information was…