facebook

LK Gossip News Stats

     මිහින් ලංකා පාඩුව රුපියල් කෝටි 94යි                                                                                        මිහින් ලංකා  පාඩුව රුපියල්  කෝටි 94යි මිහින් ලංකා සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 94ක අලාභයක් සිදුවී ඇතැයි එම සමාගමේ වාර්ෂික වාර්තා‍ව පෙන්වා දෙයි. 

මිහින් ලංකා ගුවන් සමාගම 2010 වර්ශයේද අධික පාඩු ලැබූ ආයතනයක් වන අතර දිගින් දිගනට පාඩු ලබමින් මහජන මුදල් විනාශ කරන සුදු අලියෙක් බවට එම සමාගම මේවනවිට පත්ව තිබේ. මේ අතර, කළුතර, වළල්ලාවිට ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්, 

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ ජේ්‍යෂ්ඨ අමාත්‍ය, ඩිව් ගුණසේකර මහතා කියා සිටියේ, ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව වැනි රාජ්‍ය අයතන දුෂණ වංචා වලින් පිරී පවතින බවයි. බදු ගෙවීම් පැහැර හරින්නන් හත් ලක්ෂයක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඇමතිවරයා පැවසිය. 

මෙම ගැටළු සහ ණය ලබා ගැනීම හමුවේ අනාගතයට බලපාන ගැටළු  රැසක් පැන නැගී ඇති බව  ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් රට දියුණු කිරීමට ඇති බාධාකාරී තත්වයන් සම්බන්ධයෙන්ද ජේ්‍යෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා එහිදී අදහස් පල කළේය.