facebook

LK Gossip News Stats

ලිංගික ජීවිතය සයිබර්         අවකාශගතවීම නිසා                                   ජපානය අමාරුවේ..                                                                                                     ජපන් ජාතික ස්ත්‍රීන් මෙන්ම පිරිමින් බැලූ බැල්මට සිතට ප්‍රිය උපදවන්නන් බව ලොව බොහෝ දෙනාගේ පොදු පිළිගැනීමකි. ජපන් සංස්කෘතිය තුළ ඔවුන්, සුප්‍රසිද්ධ කාටුන් නිර්මාණ වන “මැංගා සහ හෙලෝ කිටී“ තරමටම  අහිංසකය. සම්ප්‍රදායිකත්වයට ඉමහත් ගරු සැලකිලි දක්වන ජපන් ජාතිකයින් මේවන විට දැඩිලෙස පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටියි. එහිදීද  තම නොකැළැල් සංස්කෘතික හර පද්ධතීන් සමග පරිගණක තාක්ෂණය මුසුවීම නිසා දෝ ඔවුන්ට ස්වභාවික ලිංගික ජීවිතය වරදකාරී හැඟීම් දනවමින් ඒ වෙනුවට පරිගණකය තුළින් එකතුවෙන සහකරුවන් සහකාරියන් හරහා ආශාවන් තෘප්ත කර ගැනීමට යත්න දරන බව එරටින් ලැබෙන නවතම වාර්තා මගින් තහවුරු වේ.





                                                                         මෙය එක්තරා ආකාරයක මානසික හා සංස්කෘතික ගැටළුවකි. එසේම මේවන විට එය විශාල සමාජීය ගැටළුවකි. මෙම තත්ත්වය බ්‍රහ්මවෘත සින්ඩ්රෝමයක් නොහොත් බ්‍රහ්මවෘත සංකූලතාවක් ලෙස හැඳින්වේ. හුදු ලිංගික කරණාවටන්ට පමණක් නොව රටේ ජනඝනත්වය පිළිබඳ සැලකිල්ල යොමුකිරීමේදී එය වඩාත් තීරණාත්මකය. ඉදිරි වසර 50 ක කාලය තුළ ජපන් ජනගහණය 1/3 දක්වා අඩුවිය හැකි බව සිදුකරන ලද පර්යේෂණ වාර්තා මගින් තහවුරු කර තිබේ. අද වන විට ටෝකියෝ නගරයේ මිලියන 35 ක් වන ජනගහණයට  සාපේක්ෂව වාර්ෂික දරු උපත් 2,50 000 ක් වැනි සුළු පිරිසක්වීම මෙම ඛේදවාචකයේ දෘෂ්‍යමාන යථාර්ථයයි. මෙම තත්ත්වය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය හා සසඳා බලන විට සහමුලින්ම වෙනස්ය. ලන්ඩන් නගරයේ ජනඅනුපාතයක් ලෙස සලකන විට මිලියන 8 ක ජනගහණයක වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 1,35 000 ක් පමණ වෙතැයි සඳහන්ය. මෙම තත්ත්වය පිළිබඳ බී.බී.සී ආයතනය වෙනුවෙන් අනිතා රේනි වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කළාය. ඇය එයින් ලබාදෙන පණිවිඩයක් තිබේ. එය නම් “ලිංගික සබඳතා නැති බව කරුණාවෙන් සලකන්න. අපි ජපන්නු“ යන්නයි. 


“ජනගහණය අඩුවීමට බොහෝ හේතු කාරණා බලපාන්නට පුළුවන්. ඒත්  ජපන් තරුණ පරපුරේ ලිංගික කාරණාවන්හි අඩුලුහුඬුකම් ප්ර ධාන හේතුව බව පැහැදිලියි..“
                           අනිතා MailOnline වෙත අදහස් දක්වමින් කියා සිටියි.



“ජපන් තරුණ ප්‍රජාවේ බහුතරය කිසි විටෙකත් එහි කොටස්කාරයින් නොවෙන්න තීරණය කරලා ඉවරයි. කවුරුවත් එතැන නැත්නම් මාත් මොකද?වගේ අදහසක් ඔවුන්ට තියෙන්නේ..“
                                               අනිතා පෙන්වාදෙයි.



38 හැවිරිදි නුරාකාන් ද, 39 හැවිරිදි යුගායිද සයිබර් අවකාශීය ක්‍රීඩාවක පෙම්වතියන්ය.“ආදරයෙන් ඔබ්බට“ තරුණ තරුණියන්ට වින්දනයක් ලබාදෙන මෙම අන්තර්ජාල ‘‘ආදර හමු“වෙබ් ක්‍රීඩාවේ ආදර ක්‍රීඩිකාවක වන යුගායිගෙන් ඇය සැබෑ පෙම්වතියකදැයි ඇසූ විට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ඇත්තෙන්ම ඔව්. මං හැගීම්බරව පෙම්වතියට අනන්‍යවෙනවා.“
                                                               ඇය 17 හැවිරිදි තරුණයෙකුට  මෙසේ කියයි.


“ඔබට ඇත්තෙන්ම අවශ්‍යයනම් මහ රෑ මාත් එක්ක කතා කරන්න, මම ඔබට කැමතියි. ඔබ සම්බන්ධ වෙන්නේ කාටුන් ඉස්කෝලෙ කෙල්ලෙක් එක්ක වග මුලින්ම අමතක කළ යුතුයි. ඊට පස්සේ එළඹෙන හැම මොහොතම මම ඔබත් එක්ක. අපට පුළුවන් මුහුදු වෙරළට යන්න. අපට පුළුවන් හීනවල ඇවිදින්න. ගොඩාක් සතුටු වෙන්න පුළුවන්“

                                          සැබවින්ම ඉන්පසු ඔහු එකී කාටුනය ජීවිතය ලෙස බාර ගැනීමට සූදානම්ය. ඔහු ක්‍රමයෙන් ඊට ඇබ්බැහිවීම සාමාන්‍ය සිදුවීමකි. ඉදින් ඔහු ජීවිතයේ ආශාවන්,හැඟීම්,සියල්ල අන්තර්ජාල සහකාරිය මගින් සංතෘප්ත කර ගනියි. යළි කිසි විටෙකත් ඇයගෙන් තොර තමාගේම විවාහ ජීවිතයක් ගැන පරිකල්පනය නොකරයි.


“උසස් අධ්‍යාපන ආයතනයේදී තරුණ තරුණියන්ට අනාගතයේ දවසක විවාහයක් ගැන නොසිතා මෙවැනි සම්බන්ධකම් පවත්වන්න හැකියාව ලැබෙනවා. ඇත්ත ජීවිතයේ ඔබ පෙම්වතියක් ඇසුරු කරන්නේනම් ඔබට විවාහය ගැන දෙවරක් හිතන්න වෙනවා. ඒත් ත්‍රී ඩී තාක්ෂණයෙන් නිර්මිත ගැහැණියක් වෙනුවෙන් එහෙම වෙහෙස වෙන්න ඕන වෙන්නෙ නෑ. එයා ඔබව අහ්ලාදයෙන් පිරි ලෝකයකට මොහොතකින් කැටුව යනවා“
                                            ඔටාකු පුද්ගලයෙකු නොවන රෝලන්ඩ් පවසයි. 


හෙතෙම අනිතා විසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයට අදහස් දක්වමින් මේ බව පෙන්වා දී ඇත.


“ ජපන් ජාතික පිරිමින් බොහෝ ගණනක් ලිංගික සුහද හමු වෙබ්,කාමුක වෙබ්, ලිංගික ක්‍රීඩා වෙබ්වල චරිත රඟදක්වමින් ඉන්න බව මං දන්නවා . ඒක ඇත්ත ජීවිතයේ සම්බන්ධතා වලට අභියෝගයක්. පුදුම නොවන කාරණය නම් ජපන් ස්ත්‍රීන්ට මේ තත්ත්වය නොදැනීමයි. මං හිතන්නේ ඔවුන් ජපන් පිරිමින්ගේ අඩුලුහුඬුකම් හොඳින් දන්නවා ඒකයි.“රෝලන්ඩ් ගේ අදහසයි. 

ඒත් මේ පිළිබඳ විවිධ අයට ඇත්තේ  විවිධ අදහස්ය.


“ජපන් පිරිමින් සෘජු අවංක මිනිස්සු. ඒත් ඔවුන් ඒ තරමටම ස්ත්‍රීන්ට කැමති නෑ. ඔවුන් කලහකාරී ලෙස පෙම්වතියන් අත්පත් කර ගන්නේ නෑ.“නට්සුවෝ පවසයි. 

ඇගේ මිතුරියක වන යෙමිකෝද ඇයගේ අදහසට යමක් එකතු කළාය.
“ඔවුන් මිනිස්සු සමග ඇත්ත සබඳතා පවත්වන්න බයයි“යෙමිකෝ සඳහන් කළාය.



ජපන් රක්ෂණ සමාගමක් වන ‘‘මෙයිජි යසුදා ලයිෆ්“ විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූයේ වයස අවුරුදු 40 ට අඩු ජපන් පිරිමින්ගෙන් 1/3 ක පිරිසක් කාන්තාවන් ඇසුරු කර නැති බවයි. කාන්තාවන් පිළිබඳ සලකා බලන විටද මෙම තත්ත්වයෙහි වැඩි වෙනසක් නොවන බව කියැවෙයි. ජපන් පවුල් සැලසුම් සංවිධානයක් විසින් කරන ලද තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 18-24 අතර ජපන් තරුණියන් ගෙන් 45% ක් පමණ පිරිසක් ලිංගික සබඳතා කෙරෙහි උනන්දුවක් නොදක්වන බව හා එය බාල්දු කොට සලකන බවයි.

“මිනිසුන් ටික දෙනෙකුට විරුද්ධ ලිංගිකයින් සමග කායිකව හෝ වෙනයම් කිසිම අයුරකින් සම්බන්ධතා පවත්වන්න බෑ. මං ඔවුන් අල්ලන විට ඇකිළෙනවා. ඒ ගොඩාක් පිරිමි. මං දැන් ස්ත්‍රීන් පිළිබඳ සොයා බලන්න  වැඩියෙන් උනන්දු වෙනවා.“

                                                                                  ජපානයේ ලිංගික සබඳතා පිළිබඳ උපදේශිකාවක වන අයි ඔයාමා ‘‘ද ගාර්ඩියන්“ පුවත්පතට පවසා තිබේ.