facebook

LK Gossip News Stats

වැඩ ඇරී ගෙදර යන්න ගිය දෙමිතුරෝ අතර මඟ මංමුලාවක              මහනුවර ප‍්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයකට සම්බන්ධ ආයතනයක සේවය කරන තරුණයන් දෙදෙනකුගේ හාස්‍යජනක සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණි.


සේවය නිම කළ තරුණයන් දෙදෙනා බාර් එකකට ගොස් හොඳහැටි පදම් වන්නට මත්පැන් පානය කිරීමෙන් අනතුරුව රාතී‍්‍ර යළි බස් නැවතුම්පළට පැමිණියේ තම නිවෙස් කරා  යාමටය.
බස් රථ කීපයකට අත දැමුවත් ඒවා නොනවත්වාම ධාවනය කළේ මගීන් පිරී සිටි නිසාය. මේ අතර එක් මිතුරකු දුටුවේ සෙනඟින් අඩු බස් රථයකි. ”අන්න මචං බස් එකක්” කියා දෙදෙනාම අත් ඉහළට ඔසවා බස් රථය නතර කළහ. වෙරි මරගාතේ නැවැත්වූ බසයට ගොඩ වී හොඳ හැටි හරිබරි ගැසී අසුන් දෙකක වාඩි වූහ. බස් රථය යන පාටක් නැත.

 ” ඕයි මේක යන්නැද්ද  ඕයි, මේ රෑ වෙලා මිනිස්සු නෑ යං යං” කියමින් යහළුවන් දෙදෙනා බෙරිහන් දෙද්දී බසයේ පිටුපස අසුනේ නිදා සිටි කොන්දොස්තර කොලූවා ”මේ මොන කරදරයක්ද මහත්තයා, පේන් නැද්ද මේක ගරාජ් කරලා තියෙන්නේ. බැහැලා වෙන බස් එකක යන්න මට නිදාගන්න දීලා.” යැයි කීය.
ගමන් වාරය නිම කර ගරාජ් කර තිබූ බසයකට වෙරි මරගාතේ අතදමා ගොඩ වී සිටි තරුණයින් දෙදෙනා ඉන් බැස ගත්තත් මේ පුවත ඔවුන්ගේ සේවා ස්ථානයට ද ආරංචි වී තිබිණි.