facebook

LK Gossip News Stats

ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න අපට පුළුවන්දැයි අම්මා ඇසුවා                                                                          විජය කුමාරතුංග ගැන මතක සටහන් හෙළි කරමින් ඔහුගේ සොයුරිය                                                                                         කෝවිලගේ රූපා මෙරායා කුමාරතුංග. ඇය විජය කුමාරතුංගගේ සොයුරියය. රූපාට සිය පියා ගැන මතකයන් ඇතත් විජයට නම් සිය පියා ගැන කිසිදු මතකයක් නැත. ඒ පියා මිය යන විට විජය පසුවූයේ දෙහැවිරිදි වියේ වීමය. විජයගේ පියාගේනම බෙන්ජමින් කුමාරතුංග. සීදූවේම උපත ලැබූ ඔහු එහි ගම් හතක් භාර ‍පොලිස් විදානේ හෙවත් ගම්මුලාදෑනියා විය. විජයගේ මව ක්‍ලේරා බියස්ට්‍රිස් පෙරේරා වූවාය. ඇය උපත ලැබුවේ මිනුවන්ගොඩත්, දිවුලපිටියත් අතර පිහිටි මැඩේමුල්‍ලේය. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් කුමාරතුංග පවු‍ලේ ලොකු අයියා වූයේ සිඩ්නි වෙලිංටන්ය. කොළඹ නගර සභාවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් හැටියට කටයුතු කළ ඔහු 1975 වසරේ මියගියේය. තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග ඔහුගේ පුත්‍රයාය. විජයගේ දවෛනි අක්කා විවියන් පද්මිණී කුමාරතුංගය. පවු‍ලේ තෙවැනියා වූයේ රූපා මෙරායාය. පවු‍ලේ බඩපිස්සා වූයේ විජය ඇන්තනී කුමාරතුංගය.”

රූපා පදිංචිව සිටින්නේ මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ අංක 9/බි/88/1 දරන නිවසේය. බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක ලෙස සේවය කළ ඇය තම බාල සොහොයුරු විජය ගැන අතීතාවර්ජනය කළේ ඔහුගේ 68 වෙනි උපන් දිනය නිමිත්තෙනි. විජය උපන්නේ 1945 ඔක්තෝබර් 09 වෙනිදාය.
විජයගේ පියා වසර 25ක් පමණ ගම්මුලාදෑනියා ලෙස රාජකාරි කළේය. ඔහු විනෝදයට නාට්‍යවල රඟපා ඇත්තේ පල්ලිවලට ආධාර පිණිසය. තම පියා ගැන විජය අප හා කළ අතීතාවර්ජනය මේ මොහොතේ මගේ මතකයට එයි. අප හා විජය කළ මේ පිළිසඳර 1972 ජූලි 07 වෙනිදා ‘සරසවිය’ පුවත්පතේ පළවිය.
“මට තාත්තා ගැන කිසිම මතකයක් නැහැ. මා ඉපදී අවුරුදු දෙකකට විතර පසු තාත්තා මිය ගියා. තාත්තාගේ හැඩ රුව මට ඉවෙන්වත් අඳුනගන්න තරම් මතකයක් නැතිවීම ගැන මම තවමත් දුක් වෙනවා. අපේ මහ ගෙදර එල්ලා ඇති තාත්තාගේ පින්තූරවලින් මම තාත්තා ගැන යමක් දැන ගැනීමට උත්සාහ ගත්තා. ගම්මුලාදෑනිකමට අමතරව මගේ තාත්තා කලාකාරයෙක් වශයෙන් ගමේ කා අතරත් ප්‍රසිද්ධව සිටි බව වැඩිහිටියන් කියන කතාවලින් පැහැදිලි වෙනවා. ටවර්හෝල් යුගයේ නාට්‍ය කිහිපයකම රඟපෑ තාත්තා ජනප්‍රිය නළුවකු ලෙස ප්‍රසිද්ධව සිටි කෙනෙක්ලු. එකල තවත් ජනප්‍රියව සිටි ටවර් නිළියක වූ පර්ල් වාසුදේවි සමග තාත්තා රඟ පෑ ඡායාරූපයක් තවමත් අපේ ගෙදර සුරැකිව තියෙනවා.”
රූපා පවසන්නේ, තම පියා මිය යන විට තමාට වයස අවුරුදු 07ක් ද, විජයට වයස අවුරුදු 02ක් පමණ ඇති බවය. පවු‍ලේ වැඩිමලා වූ සිඩ්නි අයියාට වඩා වසර 10කින් ද ඇය බාලය. තාත්තාගේ වියෝවෙන් පසු තාත්තාගේ භූමිකාව කළේ සිඩ්නි බව කියන රූපාට එක්තරා නත්තලක මිහිරි අතීතයක් මතක ඇත.
“සෑම දෙසැම්බර් 24දාවක්ම අපට ඉතාමත් සතුටු දවසක්. එදාට අයියා කොළඹ ගිහින් අපිට සෙල්ලම් බඩු අරන් එනවා. එක නත්තලකදී අයියා ගෙදර ආවේ ටිකක් රෑ වෙලා. අයියා එනකල්ම ඇඳට වෙලා මමයි විජය මල්ලියි නොනිදා ගත කළේ.  ඔන්න අයියා ගෙදර ආව ශබ්දය ඇසෙන කොට මම මල්ලිට කියනවා “අපි නිදිවගෙ ඉම්මු” කියලා. අයියා අපේ කපටි වැඩ ගැන දන්න නිසා ලොකු අක්කාට කියනවා.
“අනේ අපේ පුංචි කෙල්ලයි, කොල්ලයි නිදි. කතා කරන්න එපා. අපි මේ සෙල්ලම් බඩු දුප්පත් ළමයෙකුට දෙමු.”
මමයි, විජය මල්ලියි එකපාරටම කියනවා “අපි නිදි නෑ. අපි නිදි නෑ” කියලා. අපිව අයියා තුරුළු කරගෙන ඉඳලා “ඔන්න මම පුංචි පැටියට ගෙනාව ලස්සන කාර් එකක්. පුංචි නංගිට ගෙනාව ඉබ්බෙක්. ඔයා ඉබ්බි වගේනේ” කියලා තෑගි පිරිනමනවා. අයියා හැම නත්තලකටම අපිට තෑගි ගෙනෙන්නේ කොටුවේ ඔරලෝසු කණුව අසල තියෙන සෙනෙවිරත්න කියන සෙල්ලම් බඩු කඩෙන්. මට මේක මතක දවසක් මාවයි, මල්ලිවයි කොළඹ එක්ක ගිහිල්ලා ඒ සාප්පුවෙන් සෙල්ලම් බඩු ගෙනාව නිසා.
දැන් අපිට හරිම සතුටුයි. හෙට නත්තල්. 24දා රෑ අපි ලස්සන ඇඳුම් ඇඳගෙන පල්ලියට යන්න තියෙනවා. මමයි, මල්ලියි ගෙනාව සෙල්ලම් බඩු පාර්සල් කඩලා බැලුවා. මට අයියා ගෙනත් තිබුණේ හැඬල් එකකින් ක්‍රියාකරන ඉබ්බෙක්. ඉබ්බා ගේ පුරාම යනවා. විජය තමාට ගෙනාපු සෙල්ලම් කාර් එකට වැඩිය ඉබ්බාට තමයි හිත.
“මට මේ ඉබ්බ ඕනෑ. මට එපා කාර් එක” කියමින් විජය මල්ලී අඬන්න ගත්තා.
සිඩ්නි අයියා මාව පැත්තකට කතා කළා.
“පුංචි නංගී. එයා අපේ පුංචි එකානේ. ඔයා එයාට ඔයාගේ සෙල්ලම් බඩුව දෙන්න. ඔයාට මම කොළඹ ගිහින් හොඳ සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්නම්. එයා තාම පුංචිනේ.”
මගේ හිත සැනසූ අයියා අර සෙල්ලං ඉබ්බව මල්ලිට දීලා කිව්ව “විජය මල්ලී ඔයා අක්කගේ සෙල්ලං බඩුව ඉල්ල ගන්න. ඔයාගේ සෙල්ලං කාර් එක පුංචි අක්කට දෙන්න.” කියලා.
විජය සෙල්ලං ඉබ්බව තුරුළු කරගත්තා. අයියා කිව්ව විදිහටම සෙනෙවිරත්න සාප්පුවෙන් මටත් සෙල්ලං ඉබ්බෙක් ගෙනත් දුන්නා. මල්ලියි, මමයි ඊළඟ නත්තල එනකන්ම මේ ඉබ්බො දෙන්න එක්ක සෙල්ලං කළා. ඒත් සෙල්ලං බඩුවලට රණ්ඩු කළේ නෑ. රූපා සිය සොයුරා ගැන මතකයන් දිග හැරියාය.
විජය පුංචි කා‍ලේ ගොස් ඇත්තේ ඔවුන්ගේ මහ ගෙදරට යාබදව ඇති දවි සමර පාසලටය. පාස‍ලේ පුංචි ළමයි එක්ක විජය “ටීක් බෝල” (මාබල්) සෙල්ලං කිරීමෙන් සතුටට පත්විය. ‘ටීක් බෝල’ නැති ළමුන්ට තමා සතු සියලුම ‘ටීක් බෝල’ බෙදා දී ගෙදර පැමිණ අම්මාගෙන් තවත් ‘ටීක් බෝල’ ගැනීමට සල්ලි ඉල්ලුවේය.
“මොකද පුතා උඹට අරං දුන්න ‘ටීක් බෝලවලට මොකද වුණේ? පැරදුණාද? නැතිකරගත්තාද?”
“නෑ අම්මේ මම ඒවා දුප්පත්        ළමයින්ට බෙදල දුන්නා. පව් අම්මේ...”                                                                                                                                                                                                                              පුංචි කාලයේ සිටම විජයගේ මානව දයාව පෙනුණා. දුප්පත් ළමයින්ට මොනවා හෝ දීමට ආසාව තිබුණා. නත්තලට හදන කේක්, නැතිනම් වැඩිපුර තියෙන චීස්, බිස්කට් වෙනත් රසකැවිලි දුප්පත් දරුවන්ටත්, වැඩිහිටි සීයලා, ආච්චිලාටත් දීමෙන් සතුටක් ලැබුවා. ඉස්සර නත්තල් නිවාඩුවට අපේ නෑ ගෙවල්වල ළමයි, වැඩිහිටියෝ අපේ ගෙදරට එනවා. මේ කා‍ලේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් ඔහුගේ බිරිඳ පර්ලිත් නොවරදවා අපේ ගෙදර එනවා. කාලෝ මාමා මගේ අම්මගේ අම්මා (අත්තම්මාගේ) ගේ සහෝදරියකගේ පුතෙක්. එයාගේ බිරිඳ පර්ලි පණ්ඩිතරත්න මගේ තාත්තාගේ නංගිගේ දුව. එයා චිත්‍රපට කිහිපයක රඟපෑ අයිවන් පණ්ඩිතරත්නගේ සහෝදරී. අපේ ගෙදර වත්ත පහළ හරක් ගාල් කරන මඩුවට එහා තවත් මඩුවක් තිබුණා. එතැන තමයි අපේ රඟමඬල. පවු‍ලේ ඥාතියෝ එකතුවෙලා සිඩ්නි අයියා, කාලෝ මාමලා නාට්‍ය කරනවා. මටයි විජයටයි ලැබුණේ පුංචි චරිත. හරියට “ආව ගියෝ” වගේ. මල්ලි කියනවා “පුංචි අක්කේ අපිට පුංචි කෑලි හම්බවුණේ අපි පුංචි නිසාද?” කියලා. මොනව වුණත්, අපි පුංචි කා‍ලේ අපේ තාත්තාගෙ, අම්මගෙ නෑ ළමයි එක්ක පුංචි නාට්‍ය කරමින් ගතකරපු ජීවිතය අමතක කරන්න බෑ” රූපා කීවාය.
පුංචි කා‍ලේ ගල්ලෑල්ලත්, ගල්කූරත් තුරුළු කර ගෙන හෝඩිය පන්තියට ගිය විජයට සිඩ්නි අයියා ඉගෙනීමට හැම උපකාරයක්ම දුන් බවයි රූපා පවසන්නේ. විජයගේ හැම අඩුපාඩුවක්ම පිරිමසා දුන් අයියා හැම හවසකම රැකියාව නිමවා ගෙදර පැමිණි පසු මුහුණ කට සෝදා තම සහෝදරයා ළඟට ගෙන එදින ඉගෙන ගත් පාඩම් ගැන සොයාබැලුවාය. විජය අයියා ළඟට ගොස් ඇත්තේ ගැහි ගැහී බයේය. ඒත් විජය ලොකු අක්කාගේත්, ‍පොඩි අක්කාගේත් තුරුල්‍ලේ ආදරයෙන් හැදී වැඩුණි.
“විජය මල්ලී පුංචි කාලයේ ඉඳලම ලස්සනට අඳින්න පුරුදුව සිටියා. පුංචි කාලයේ වුණත් ඇඳුමක් යන්තම් ‍පොඩි වෙලා තිබුණොත් මල්ලි අඳින්නෙ නැහැ. විජය මල්ලිට පුංචි කාලයේ ලස්සන ලස්සන ඇඳුම් මහල එව්වේ විවියන් අක්කා. පාට පාට සත්තුන්ගේ රූප මහලා එයා එව්වා. පුංචි පුංචි තොප්පිත් අක්ක එව්වා. විජය ඒවා ඇන්දේ බොහෝම උජාරුවට. එයා ඇඳුම් කිළිටි කරගන්නවා අඩුයි. පුංචි කාලයේ ඉඳලා විජය මල්ලී පිරිසිදුවට හිටියා.
විජයත් තමාත් අතර පුංචි කාලයේ කිසිම රණ්ඩුවක් නොවුණ බව රූපා අවධාරණය කළාය. සාමාන්‍යයෙන් සෙල්ලම් බඩු ගොඩක් තියෙන ළමයි ආඩම්බර වුණත් විජය අනිත් දුප්පත් ළමයින්ට තමා සතු දේවල් දී සතුටු වූ බව රූපා කීවාය. 
රූපා අක්කා, විජයගේ සංවේදීතාව දුටු අවස්ථාවත් තවමත් ඇගේ මතකයේ තිබේ. තම සහෝදරයාගේ දෑසින් කඳුළු වැගිරුණු මුල්ම අවස්ථාව ගැන ඈ මෙසේ කීවාය.
“ඒ වන විට විජයගේ වයස අවුරුදු 14ක් පමණය. ඒ කාලයේ ඔහු කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙනීම ලැබිය. විජයගේ හොඳම යාළුවා වී ඇත්තේ පන්තියේ සිටි පැට්ට්‍රික් නමැති ශිෂ්‍යයාය. විජයත් පැට්ට්‍රිකුත් වෙන්කළ නොහැකි අඹ යහළුවෝය. හිටි හැටියේ පැට්ට්‍රික් අසනීප විය. ඔහුගේ අසනීපය විජයට ප්‍රහේළිකාවකි. ලියුකේමියා නම් ‍ලේ පිළිකාවකින් පැට්ට්‍රික් පෙළෙන බව කීවත්, ඒ ගැන විජයට හැඟීමක් නොවීය. පැට්ට්‍රික්ට වැළඳී ඇත්තේ ඒකාන්තයෙන්ම මිය යන රෝගයක් බව පාසල් ගුරුවරු හා වැඩිහිටි ශිෂ්‍යයන් කියන නොයෙක් කතා නිසා විජය කඳුළු පිරි දෙනෙතින් සතිඅන්තය ගත කළේය. තම සොහොයුරා වේදනාවකින් පසුවන බව දුටු අක්කලා විජය සැනසූහ.
“අනේ අක්කේ පැට්ට්‍රික් මැරෙයිද?”
“නෑ මල්ලී අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. පැට්ට්‍රික් ට සනීපවෙන්න කියලා.” රූපා අක්කා විජය අස්වැසුවාය.
1988 මාර්තු මාසයේ සරසවිය පුවත්පතට අනුර බණ්ඩාර රාජගුරු රූපා සමග පැවැත්වූ සාකච්ඡාව විජය කතාව නමින් පළ විය. එහි මෙසේ සඳහන් වේ.
“පැට්ට්‍රික්ට ‍ලේ ඕනෑ බව දැනගත් මල්ලී ඉස්කෝ‍ලේ එයාට වඩා ඉහළ පන්තිවල ශිෂ්‍යයන්ට ඒ බව දන්වලා සතිපතා වැඩිහිටි ශිෂ්‍යයන් එක්කරගෙන ඇවිත් පැට්ට්‍රික්ට ‍ලේ දුන්නා. එයාගේ පුංචිකමට එයා කළේ මහ විශාල වැඩක්. යාළුවෙක් එක්ක විජයත් ‍ලේ දන්දීලා.”
පැට්ට්‍රික් යාළු මිත්‍රයන් ඔක්කෝම අත්හැර දාලා යන්න ගියා. විජය මල්ලී පැට්ට්‍රික්ගේ මිනී පෙට්ටිය බදාගෙන ඇඬුවා. පෙට්ටිය ගෙදරින් එළියට ගන්න විජය මල්ලි ඉඩ දුන්නේ නැහැ. පැට්ට්‍රික්ගෙ අත් දෙක බදාගෙන මහ හයියෙන් හැඬුවා. මුළු මළ ගෙදරම ඒක දැකලා ඇඬුවා.
අන්තිමට පෙට්ටිය වහනකොට පැට්ට්‍රික්ගෙ දෝතෙ රඳවල තිබුණු කොන්තයයි ඇට මාලයයි මල්ලි අරගෙන. පැට්ට්‍රික් වළ දාපු දවසේ විජය ගෙදර ආවේ රෑ වෙලා. ගෙදර ආපු ගමන් එයාගේ කාමරයට වැදුණා. අපිත් එක්ක වැඩිය කතා කළෙත් නැහැ.”
රූපා අක්කා විජයගේ කාමරයේ දොර රෙද්ද අස්සෙන් බලන විට දැක ඇත්තේ විජය ඇඳේ දිගා වෙලා පැට්ට්‍රික්ගේ කොන්තයයි මාලයයි තුරුළු කරගෙන අඬන අයුරුය. රූපා මේ බව අම්මාටත්, අයියාටත් පැවසුවාය.
“සද්ද කරන්න එපා. එයා ඔහේ හිටපුදෙන්” සිඩ්නි අයියා කීවේය.
මැදියම් රැයේ විජයගේ කෑ ගසන හ¾ඩින් ගෙදර අය අවදි වූහ. විජයගේ කාමරයට ගිය සිඩ්නි අයියාට දකින්නට ලැබි ඇත්තේ ඔහුගේ මුහුණටත්,      නළලටත් හොඳටම දාඩිය දමා තිබුණ අයුරුය.
“අයියේ පැට්ට්‍රික් ළඟට ඇවිත් මට කතා කළා.”
“මල්ලී ඔයා කොන්තෙයි මාලෙයි පැත්තකින් තියන්න. තියලා රැකවල් දේව දූතයාගේ යාඥාව කියලා නිදාගන්න.       රූපා අක්කා ආසිරිපැන් ටිකක් විජයට දුන්නාය. අම්මා ආසිරි පැන් ටිකක් ඔළුවේ ගෑවාය.
විජය සිඩ්නි අයියාගේ කීම අසා රැකවල් දේව දූතයාගේ යාඥාව කියා නින්දට වැටුණේය.
මේ සිද්ධියෙන් විජය මිත්‍රයන්ට අසරණ රෝගීන්ට තිබුණු දයාව, කරුණාව මොනවට පැහැදිලි වෙයි.
විජය පාසල් යන කාලයේ වියදම්කාරයෙක් නොවීය. අම්මාත්, අයියාත් පවුල රැකගැනීමට කරන අරපරිස්සම තේරුම් ගත් විජය මුදල් නාස්ති නොකළේය. ඒ නිසා ඔහු මුදල් ඉල්ලා වැඩිහිටියන්ට කරදර නොකළේය. එහෙත් අම්මා හැමවිටම ඔහු ගැන සොයා බැලුවාය. පාස‍ලේදී කෑම කන්න දෙන සල්ලි ඉතුරු කරගෙන පරවියන්, හාවෝ, මාළු ආදීන් මිලයට ගෙන ගෙදර ගෙනත් ඇති දැඩි කළේය. හාවෙකුට අසනිප වූ දවසේ ඔහු කොතරම් සංවේදී වූවාද යත් කෑම නොකා හාවා ළඟට වී සිටියේය.                                                                                                                                                                                                                                                   කෙසේ වුවත් ලස්සනට, ජැන්ඩියට, සීරුවට ඇඳුම් ඇඳීමට ඔහු තරම් ජගතෙක් මුළු සීදූවේද සිටියේ නැති තරම්ය.
“පුංචි කාලයේ සිටම මම ‍පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙකුවීමට සිහින මැව්වා. තේජාන්විත පෙනුමකින් යුත් ‍පොලිස් පරීක්ෂකවරුන් මා අසලින් යන විට මා තුළ අසීමිත පී්‍රතියක් ඇතිවුණා. සීදූව ‍පොලීසිය ඉස්සරහින් යන විට මා ඒ තුළ සිටින ‍පොලිස් නිලධාරීන් ගැන විමසිලිමත් වෙනවා. පාසල ඇරී ගෙදර එන මා විවේකයෙන් ඉන්න විටක ‍පොලිස් නිලධාරීන්ගේ වෙස් ගෙන ගෙමිදුල පුරා තේජාන්විත පෙනුමක් ආරූඪ කරගෙන ආඩම්බරයෙන් ඇවිදීමෙන්ද කිසියම් වින්දනයක් ලැබුවා.” විජය 1972 අප සමග පැවසුවේ තමාට කුඩා කල වැළඳුන ‍පොලිස් පිස්සුව ගැන තතු පහදමින් සිනාසෙමිනි.
“අනේ ඇත්තට විජයට මොකක්ද මේ හැදිල තියෙන පිස්සුව.” රූප අක්කා අම්මාට කියන්නේ විජයගේ විකාර දැකීමෙනි.
“ඒයි මොකද ‍පොලිසියත් එක්ක සෙල්ලම් කරනවද?” විජය තේජාන්විතව පපුව ඉදිරියට පුම්බාගෙන ඇසුවේය.
රූපා අක්කා කට වසාගෙන සිනාසුණාය.
“හා... හා... හිනාව නවත්ත ගන්නවා. වැඩිය හිනාවුණොත් අල්ලගෙන ගිහිල්ලා ලකප් කරනවා.” විජය තවත් වේගයෙන් කියයි.
අක්කා මල්ලී ඉදිරියට පැන ඔහු උස්සාගෙන මේසයක් උඩ තැබුවාය.
“අනේ අනේ අපේ ග්‍රෑන්ඩ් පප්පා මෙයා ලොකු වුණාම ‍පොලිසියටම තමයි යවන්න තියෙන්නේ.” රූපා අක්කා මල්ලී වැළඳගෙන උණුසුම් හාද්දක් දුන්නාය.
විජයගේ කුඩා කල සමීප සීයා කෙනෙකු ගැන ඇත්තේ සුන්දර මතකයකි. රූපා අක්කා එය විස්තර කරන්නේ මෙසේය.
“සීදූවේ සිට කොළඹ එන අයියා පාන්දර අවදි වෙයි. අයියා ඉක්මණින් පිටත්වෙන නිසා විජය පාසල් ගියේ සීයා කෙනෙකු සමගයි. මේ සීයයි විජයයි හොඳටම යාළු වුණා. මහදැනමුත්තාගේ අපූරු කතා, අන්දරේගේ විහිළු හා ඇලඩින්ගේ පුදුම පහන ගැන විජය දැනගත්තේ මේ සීයගෙන්. සීදූව දවි සමර පාසලට යන කාලයේ මේ සීයා සමග ගොස් පන්තියේ විජයගේ පුටුව අසල තවත් පුටුවක් තබාගැනීම පුරුද්දක් කොට ගත්තා. පාස‍ලේ බනිස් දෙන විට විජය සීයාටත් බනිස් ගෙඩියක් රැගෙන දීමට මැලි වුණේ නැහැ.
පුංචි කා‍ලේ විජය දේශපාලනයට ඇදී ගියේ සිඩ්නි අයියාගේ ආභාසයෙන් බව රූපා පවසන්නීය. “දුප්පත් මිනිසුන්ට සේවය කිරීම” විජයගේ එකම පරමාර්ථය වූ බව ඇය පැවසුවාය.
“සිඩ්නි අයියා සමසමාජ පාක්ෂිකයෙක්. ඒ වගේම සාමාජිකයෙක්. කාලෝ මාමාත් එයට බලපාන්න ඇති. අයියා පුංචි කා‍ලේ සිටම ‍පෝලියෝ රෝගයෙන් පෙළුණු නිසා හැරමිටියකින් ඇවිද්දේ. පක්ෂ කාර්යාලයෙන් අයියාට එන ‘සමසමාජය’ පත්‍රය ගමේ ගෙවල්වලට බෙදුවේ විජය මල්ලී. ඒ කා‍ලේ මීගමුවේ හිටපු සමසමාජ මන්ත්‍රී දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු අපේ ගෙදර නිතර ආවා ගියා. දොස්තර හෙක්ටර්, කාලෝ ෆොන්සේකා මාමා හා සිඩ්නි අයියා කරන දේශපාලන කතා විජය මල්ලි අහල ඇති නැති පරතරය නැති කරලා දුප්පතුන් වෙනුවෙන් කැපවෙන්න ආසා කළා. ඇන්.ඇම්, කොල්වින්, විවියන් කතාකරනවා දැක තනිව කතා  පවත්වනවා. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙන ගන්න කා‍ලේ කථික තරගයකින් මුලට තේරිලා රන් පදක්කමක් දිනුවා.
විජයට යම්තම් වයස අවුරුදු 14 වන විට ගමේ තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනා ගත් බව පවසන රූපා, ගමේ ලස්සන කෙල්ලක් විජයට අසීමිත ලෙස ආදරය කළ බව පැවසුවාය.
“ඒ කා‍ලේ විජය ‘සමරැස්’ නම් එල්‍ලේ කණ්ඩායමට ක්‍රීඩා කළා. මේ තරග බලන්න අර විජයගේ හිත් ගත් ගැහැනු ළමයත් නිතරම ආවා. ඒ සම්බන්ධය වැඩිදුර ගියේ නෑ. ඒ        ළමයා ධනවත් පවුලක ළමයෙක්. විජය දේශපාලනයට යොමු වුණාට පස්සේ 1977 මැතිවරණයට ශ්‍රීල.නි.ප.යෙන් කටාන අසුනට තරග කරලා පරාජය වුණා. මේ කාලයේ මම හිටියේ විදේශ ගතවෙලා. අම්මා මට ලියලා එවල තිබුණා “විජය මල්ලි බණ්ඩාරනායක පවු‍ලේ චන්ද්‍රිකාව විවාහකරගන්න යනවා” කියලා. මම අම්මගෙන් ලියලා ඇහැව්වා “අම්මා අපිට ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න පුළුවන්ද?”කියලා. අම්මා ලියලා එව්වා  “පුතාගේ කැමැත්තනේ. එයා කැමැති ඕන දේකට මම කැමතියි” කියලා.
ප්‍රථම චිත්‍රපටය තිරගතවීමට ප්‍රථම චිත්‍රපට 11ක රඟපෑමට වරම් ලැබූ විජය දිනක් රූපා අක්කා සමග මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව අසල තියෙන බස් නැවතුමේ බස් එකක් එනකන් සිටී. පාරේ යන හැමෝම විජය දෙස බලා නැවතී සිනාසුණා. ඊට ටිකක් ඈත එවකට සිටි නළුවකු වූ ඔස්වල්ඩ් ජයසිංහ සිටියත් මිනිස්සු ප්‍රතිචාර දක්වා නැත. විජය අක්කා දෙසට හැරී මෙසේ කියා ඇත.
“අක්කා දැක්ක නේද? ඔස්වල්ඩ් නළුවකු වුවත් දැන් මිනිස්සු ඔහුට අඩු වශයෙන් සිනාවෙන්නෙත් නෑ. මේ තත්ත්වයට මටත් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. එදාට මම සිනමාවෙන් සමුගන්නවා.”
විජය ගැන රූපාට කීමට කොතෙක් දේ ඇතත් තම සෙහෝදරයා මිය ගිය දිනය ඇයට සිහිනයකි.
“මල්ලීට වෙඩිතැබූදා මම හිටියේ නාරාහේපිට තලකොටුවේ ගෙදර. අපි දන්න පවුලක තනිවම වැඩක් කරගත නොහැකි ආබාධිත තරුණයෙකුට ආධාර කරන ලෙස ඉල්ලා මල්ලි ගංගාරාමයේ ‍පොඩි හාමුදුරුවන්ට ලියුමක් දීලා තිබුණා. ඒ අය අනුරාධපුර ඉඳලා කොළඹට එනවා අර ලියුම ගන්න. මම ගංගාරාමයට බස් එකෙන් ගියේ ඒ කට්ටිය හම්බවෙන්න. නාරාහේන්පිට 103 බස් එකට මම නගින විට මිනිස්සු කලබල වෙලා. සමහරු කෑ ගහනවා. සමහරු අඬනවා. බස්එකේ තිබුණ රේඩියෝ එකෙන් විජයට වෙඩිතියලා කියලා කිව්වලු. මට මේක අදහගන්න බැහැ. මම බස්එකෙන් බැහැලා තලකොටුව ගාඩ්න් එක පැත්තට දිව්වා. එහි පදිංචිව සිටි චිත්‍රපට නිළි දිල්හානි අශෝකමාලාගේ අම්මා අඬාගෙන මාව බදා ගත්තා...” යම් පුද්ගලයෙකුට රට ගොඩනගන්න හරි විනාශ කරන්න හරි පුළුවන් වෙන්නේ රටේ බලය අල්ලාගතහොත් විතරයි. ඒ බව තේරුම් අරගෙන මගේ මල්ලිව මරා දමන්නේ නැතුව ඔහුට බලයට එන්ට නොදීම සිටියා නම් මට අදත් දෙවි කෙනෙකු වැනි සහෝදරයෙක් ඉන්නවා.
රූපා කුමාරතුංග කඳුළු පිරි දෙනෙති න් යුතුව අපට කීවාය.   


                                                                                                       (Reuters) – Bowling coach Craig McDermott, who rejuvenated Australia’s pace attack before resigning last year, will return to the role for the test team in a major boost for the hosts ahead of the Ashes series against England.
The 48-year-old former test quick took over in 2011 in the wake of the last Ashes series in Australia, which England won convincingly 3-1 with a string of big batting performances in the face of some hapless bowling from the home seamers.
Getting his bowlers to operate as a cohesive unit and bowl a fuller length with more swing, McDermott fashioned a corps of quicks that savaged India’s vaunted batsmen in a 4-0 test series sweep on home soil in the 2011-12 season.
McDermott stepped down just a few months later in May 2012, though, saying the constant travel with the Australia teams was taking too much of a toll on his family life.
His new role will be just with the test bowlers, thereby reducing his travelling commitment, with Ali de Winter supervising the limited overs teams in a similar role.
“Given the amount of cricket played now in all three forms of the game, we’ve been considering our coaching structure to get the best out of the players across the various formats,” said Cricket Australia’s team performance manager Pat Howard.
“We also feel that with the amount of touring now it is extremely difficult for every member of the support staff to be on every tour.” McDermott will have his work cut out before next month’s first test with the performance of the batsmen in the 3-0 Ashes defeat in England earlier this year indicating that Australia will be heavily reliant on their bowlers if they are to wrest back the urn.
To add to Australia’s problems, young quicks James Pattinson, Mitchell Starc and Jackson Bird are all unavailable through injury for all or part of the series, which begins in Brisbane on Nov. 21.
McDermott said he was looking forward to working with head coach Darren Lehmann and captain Michael Clarke. “There is obviously a huge focus on regaining the Ashes this summer and I’ll work as hard as possible to prepare our bowlers for the challenge ahead,” he said.