facebook

LK Gossip News Stats

ලාංකිකයා ලංඩන් අවන්හලකදි මර                                                           එංගලන්තයේ දකුණු යෝක්ෂයර්හි ෂෙෆීල්ඩ් හෙලන් සරසවියේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ශ්‍රී ලාංකිකයෙක් එහි අවන්හලක දී පිහියෙන් ඇන මරා දමා ඇතැයි එංගලන්ත පොලිසිය කියයි.

ෂෙෆීල්ඩ් කාර්මික නගරය පිහිටියේ ලංඩනයට සැතපුම් 168ක් උතුරෙනි.
තවීෂ ලකිඳු පීරිස් (25) ලන්ඩනයට පැමිණියේ වසර දෙකහමාරකට කළිනි.

තවීෂ මියගොස් සිටියේ ටොමිනෝ පිට්සා හළකය. ඔහු එහි වැඩ කළේය.
ඔහුගේ පපුවට පිහි පහර කිහිපයක් ඇන ඇතැයි ද, තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද ෂෆීල්ඩ් පොලිසිට කියයි.
පීරිස්ගේ මිතුරකු පැවසුවේ ඔහු ඉතා නිහඩ කලබල නැති ඉතා මිත්‍රශීලී තරුණයකු බවයි.
‘ඔහුට සතුරන් හිටියේ නැහැ. හරි හොඳ කොල්ලෙක්. කවුරුත් ඒ බව දන්නවා. ඔහු මරා දැමුවේ ඇයිදැයි මටත් ප්‍රශ්නයක්‘ යැයි නම හෙළි කිරීමට අකමැති වූ මිත්‍රයා කීවේය.
පීරිස් ලන්ඩනයට පැමිණියේ 2011 දීය. අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ඔහු රැකියාවක් සොයමින් සිටියේය.
ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ මවුපියන්ට උදව් උපකාර කිරීම සඳහා මුදල් සොයා ගැනීමයි. ඔවුන් ලන්ඩනයට ගෙන්වා ගැනීමට ද ඔහු අදහස් කළ බව මිත්‍රයා පවසයි.
ඒ ගැනතොරතුරක් දන්නා කෙනකු සිටිතොත් 101 දකුණු යෝර්ක්ෂයර් පොලිසිය අමතන ලෙස ද ඉල්ලා සිටියි.
ඔහුගේ මව්පියෝ නාවල රාජගිරිය කොස්වත්තේ පදිංචි වී සිටිති.