facebook

LK Gossip News Stats

   කෑවා නම් මාර වැඩේ                                                  බිත්තරයක් තුළ සිටි අගල් 04 ක් පමණ දිග ජීවී පනුවෙක් සොයා ගැනීමට හැකිවු බව වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස්.මුතුකුඩ මහතා පවසයි. වාරියපොල - මැල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙළඳසැලකින් මිලදී ගත් බිත්තරයක් තුළ මෙම පනුවා සිට ඇත. පසුව පණුවා සහිත බිත්තරය එම නිවැසියා විසින් වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. මේ එහි දසුන් පෙළකි. 


“මා වෙත ඉදිරිපත් කරන ලද පනුවා ජීවී තත්ත්වයෙන් සිටියා.පසුව මම එම බිත්තරය සහ පනුවා වාරියපොල පිහිටි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ වෛද්‍ය චින්තක කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.මා විසින් ඉදිරිපත් කර ඇති බිත්තරයේ සිට ඇත්තේ නිව්ටෝඩා වර්ගයට අයත් පනුවෙක්” යැයි වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය සී.එස්. මුතුකුඩ මහතා පැවසීය. 

සාමාන්‍යයෙන් මෙම පනුවා කුකුළන්ගේ ශරීරය තුළ ජීවත් වුවත් උන් බිත්තරයක් තුළට ඇතුළුවීමේ ප්‍රවණතාවය අඩු බවද වෛද්‍ය කරුණාරත්න මහතා පවසා ඇත. ඇතැම් විට කිකිළියගේ කුස තුළ බිත්තරය මෝරන්නට පෙර මෙම පනුවා ඇතුළු වීමට ඉඩ ඇති බවත්,කෙසේ වෙතත් බිත්තරයක් තුළ සිටි පනුවෙකු තමන් දුටු පළමු වතාව මෙය බවද වෛද්‍ය කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ. 

මේ අතර තමන්ට හමුවු මෙම පනුවා සහිත බිත්තරය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාරියපොල පිහිටි සත්ත්ව නිෂ්පාදන පර්යේෂනාගාරයේ තබා ඇති බවද වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස් මුතුකුඩ මහතා වැඩිදුරටත් පවසා ඇත.