facebook

LK Gossip News Stats

nov 01

පෙම් ආරවුලෙන් පෙම්වතා මරුට පෙම්වතිය රෝහලේ                රක්වාන, දෙනියාය පාර රක්වාන ප‍්‍රදේශයේ ඊයේ (31) පස්වරු 3 ට පමණ නිවසක් තුලදී පෙම්වතියට පිහියෙන් ඇණ තුවාල සිදු කර පෙම්වතාද, පිහියෙන් ඇණ ගෙන සියදිවි හානි කර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව රක්වාන පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ. සිද්ධියෙන් මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 18 ක්වූ කොස්ගහකන්ද, මියනවිට, දැරණියගල ලිපිනයේ පදිංචි නිශාන්ත කුමාර යන අයයි. සිද්ධියෙන් තුවාල ලැබුවේ වයස අවුරුදු 17 ක්වූ දෙනියාය පාර රක්වාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මිය ගිය තරුණයා පෙම්වතියගේ නිවසට පැමිණ ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් නිවස තුල තිබූ පිහියක් ගෙන පෙම්වතියට ඇණ තිබේ. පසුව පෙම්වතාද එම පිහියෙන්ම ඇණ ගෙන තිබේ. බරපතල තත්වයේ පසුවූ තුවාලකාරිය සහ තුවාලකරු රක්වාන රෝහලට ඇතුලත් කිරීමට පෙර පෙම්වතා මිය ගොස් තිබේ. තුවාලකාරිය වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට කහවත්ත රෝහලට ඇතුලත් කර තිබේ. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.