facebook

LK Gossip News Stats

පුංචි තිරයේ පෙම්වතා, දුෂ්ඨයා මෙන්ම දුගී තරුණයා වෙමින්  ඔහු රිදී තිරයෙන් මුල් වරට අප හමුවූයේ ජොලි හලෝ චිත්‍රපටයේ රංගනයට දායක වෙමින්ය.අද ආලින්දයට ගොඩ වූ ඔහු නමින් මංජුල මොරගහ.
* ඉතින් මංජුල මේ දවස්වල මොනවාගේ චරිතයකට පණ පොවන්නේ?

මේ දවස්වල "සත්‍යා" කියලා ‍ටෙලි නාටකයක් යනවා. ඒ ටෙලි නාටකයේ තියෙන්නේ දුෂ්ඨ චරිතයක් නමුත් පෙම්‍වතෙක් හරිම ආසාවෙන් මං ඒ චරිතය කරනවා.ඒත් එක්කම තව නාට්‍යයක් කරනවා "මැද ගෙදර" කියලා ඒ ටෙලි නාටකයේ රඟපාන්නේ පොලිස් චරිතයක්. තවත් නාටකයක් යනවා "බාදුරා දේශය" කියලා ඒකේ කරන්නේ ගමක චරිතයක් ඉතින් මේ දවස්වල විවිධ වු චරිත 3ක් යනවා.ඉතින් හරිම ආසාවෙන් ඒක කරනවා. විශේෂයෙන් දෙරණ නාලිකාවේ යනවා "විරු දරුවෝ" වැඩ සටහන සවස 3.00ට ඒක විශේෂ වැඩසටහනක් ඇත්තටම කිව්වෝත්. මං හරිම ආසවෙන් ඒ වැඩසටහන කරනවා‍ මොකද ඒ වැඩසටහන කරන්න අපිත් ඉගෙන ගන්න ඕන. ඒක කරන්න ටිකක් අමාරුයි අපිත් අධ්‍යාපනයක් ලබමින් තමයි කරන්න ඕන.


* රීදි තිරයට මුලින්ම මංජුලව හඳුන්වාදෙන්නේ  ජොලි හලෝ චිත්‍රපටය හරහා කොහොමද මේ ලැබුණු ආරම්භය?

ඇත්තටම ජොලි හලෝ 2ක චිත්‍රපටයෙන්  එන්නේ  එන්.ඒ.කපූර් මහත්මා මට ටෙලි නාට්‍යකදී මට හම්බ වුණා. ඊට පස්සේ කපූර් මාස්ටර් ගිහිල්ලා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ලාල් ප්‍රියදේව මහත්මයාට මං ගැන කියලා. ඒ අනුව තමයි "ජොලි හලෝ" චිත්‍රපටයට මං යොමු වෙන්නේ . ඊට පස්සේත් ලාල් ප්‍රියදේව මහත්මයාගේ චිත්‍රපට 4ට මං සම්බන්ධ වුණා. ඒ මහතාගේ දෙවැනි චිත්‍රපටයෙන් මට ප්‍රධාන චරිතය හම්බ වුණා. ඒක 2003 වර්ෂයේ තිරගත වුණා "නොම්බර එකේ චන්ඩියා" ලෙස.

* ඔබ රඟපාන ලද චරිත වලින් වැඩියෙන්ම ආකර්ෂණයට ලක් වූ චරිතය මොකක්ද?

මුලින්ම මාව ප්‍රේක්ෂකයින් හඳුනාගත්තේ "නේත්‍රංජලි" ටෙලි නාට්‍යයෙන් 2000 වර්ෂයේදී. ඒ අතර තුරදී මම විවිධ චරිත නීරූපණය කළා. හාමුදුරුනමක චරිතයක්, ධීවරයෙක්ගේ චරිතයක් එම ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් අතරට ගියා නමුත් ඒ චරිතය අහවලා කියලා ප්‍රේක්ෂකයින්ට හිතාගන්න බැරි වුණා. පස්සේ කාලයකදී මගේ වෙබ් පිටුව එක හදලා මං රඟපාපු ඒ ඡායාරූප දැම්මාම ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා ඔයා මේවාත් කරලා තියනවාද කියලා. ඊට පස්සේ ඒ කාලේ ඉවර වෙලා නැවත ‍මං ප්‍රේක්ෂයින් අතරට ගියේ ගෞතමී ටෙලි නාටකය හරහා එකේ මං ක‍ළේ දුෂ්ඨ චරිතයක්.  ඊට පස්සේ "රැජින" කියලා එකක් කළා ඒකත් ජනප්‍රිය වුණා.



* මංජුල වේදීකා නාට්‍යවල රඟපාල තියනවාද? නැත්නම් වේදීකාවේ රඟපාන්න අකමැත්තක් දක්වනවාද? ආරාධනාවක් ලැබුණේ නැද්ද?

මං වේදිකාවට සම්බන්ධ පෙර පුහුණුවීම් කිහිපයකට ගියා. ඇත්තටම ඒකට කැප වෙන්න ඕන.නිකන් ආවට ගියාට කරන්න බෑ වේදිකා නාට්‍යය. ඒකට බැඳිලා ඉන්නම ඕන.  ඒකට මට ආසාව තිබූණාට සමහරක් වැඩ භාරගත්තා ඒවා තියෙනකොට ඒකට ගිහිල්ලා මං බොරුකාරයා වෙන්න කැමති නෑ. අයියො‍් මංජුල රියසල් එනවා කියලා ආවේ නෑ කියන වචනේ අහන්න මං කැමති නෑ. මම කියනවා මාව ගන්නවානම් තව කෙනෙකුත් මේකට තියාගන්න කියලා. මං කියන්නේ මගේ චරිතයට තවත් ප්‍රධාන කෙනෙක් තියාගන්න කියලා . ඒ ප්‍රධාන චරිතය නැති වෙච්ච දවසට මාව ගන්න කියලා. එතකොට මං ඉගෙනගෙන එනවානේ. මං කියන්නේ මාව ප්‍රධාන චරිතයකට ගන්නේ නැතුව උප ප්‍රධාන චරිතයකට ගන්න කියලා. 

* මෙගා නාට්‍යය ගැන ඔබට මොනවාගේ අදහසක් ද තියෙන්නේ?

මම නම් කියන්නේ ඉතින් එහෙම තියෙන්න ඕන. මොකද 1990 වර්ෂවල ටීවී නාලිකා දෙකයි තුනයි තිබුණේ ඒ කාලයේදී අන්තර්ජාලයෙන් නාට්‍යය බලන්නේ නෑ මිනිස්සු. ඒ කාලයේ සීඩී නෑ. තියෙන්නේ වී.එස්.එච් කැසට් ඒවා තියෙන්නෙත් ගෙවල් කිහිපයක විතරයි. මොකද  අපි පොඩි කාලේ රූපවාහීණි බලපු විදියත් අපිට මතකයි. හැම ගෙයකම රූපවාහීනී තිබුණේ නැහැ. එතකොට රූපවාහිනීයේ කොටස් දහයක ටෙලි නාට්‍යයක් ගියත් සති දහයක් අනිවාර්යෙන්ම යනවානේ. දැන් අපි ඒ දවස්වල ගිය රොබින්හුඩ් එකත් අනිවාර්යයෙන්ම වේලාවට ගිහින්  රූපවාහීනීය බැලුවා. ඒ කාලේ තිබුණු සීමිත දේවල් මාර ලස්සනට ගුණාත්මකභාවයකින් තිබුණා. හැබැයි දැන් තියන වැඩසටහන් වලත් ගුණාත්මකභාවයක් තියනවා. සමහරක් ඒ වලත් ඒ ප්‍රශ්න තියනවා. නමුත් ගොඩාක්  වැඩසටහන්  හොඳ ගුණාත්මකභාවයක් තියනවා. දැන් මේ මෙගා කරන එකේ තේරුම ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂකයෝ කාර්යය බහුලයිනේ. එතකොට අපි හිතමු ටෙලි නාට්‍යයක කොටස් 14ක් තිබුණෝත් ඒ 14න් ප්‍රේක්ෂකයින්ට බලන්න පුළුවන් වෙන්නේ කොටසක් වගේ. නමුත් අරවගේ  කොටස් 100ක වගේ එකක් තිබුණෝත් මිනිස්සුන්ට අතපසු වීමේ තරම අඩු වෙනවා.



* මංජුල මොරගහ මේතාක් පැමිණ ගමන් මග ගැන සෑහීමකට පත් වෙනවාද?

අනිවාරයෙන්ම. 1995 වර්ෂයේදී මං පාසල් යන කාලේ ළමා වැඩසටහන් වලට පවා සහභාගී වෙලා තියනවා. ඒ කාලයේ මගේ ආසාව වෙලා තිබුණේ රූපවාහීනියේ මගේ මූණදාගන්නේ කොහොමද කියලා. ඔහොම ළමා වැඩසටහනට සහභාගී වෙලා ඉන්නකොට මට හිතුණා අනේ ටෙලි නාට්‍යයක පේන්න හිටියානම් කොච්චර හොඳද කියලා‍.ඒ දවස්වල මං හිතන්නේ නාලිකා 2යි නැත්නම් 3යි තිබුණේ. එහෙම ඉන්නකොට මට හිතුණා දැන් ටෙලි නාට්‍යයක කොල්ලාගේ යාළුවාට හරි කමක් නෑ සෙට් වෙන්න තියනවානම් ‍හොඳයි කියලා. මොකද යාළුවාගේ  දිගටම ටෙලි නාට්‍යයේ ඉන්නවානේ කියලා. ඉතින් දැන් තමයි අපි මෙවා ගැන හරියටම අධ්‍යයනය කරගෙන යන්නේ. ඊට පස්සේ ටික දවසක් ඔහෝම ඉන්නකොට ටෙලි නාට්‍යයවල ප්‍රධාන චරිත හම්බ වුණාම පස්සේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න තියනවානම් හොදයි කියලා හිතුණා.එහෙම ඉන්නකොට තමයි ජොලි හලෝ හම්බ වුණේ . ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ හිතුණා දැන් කොල්ලාගේ චරිත  ඉවර කරලා. දැන් චරිත කියන දේ කරන්න ඕන කියලා. මේ වෙන කොට මං ඉන්න මතය තමයි ටෙලි නාට්‍යයක  කරන චරිතය වැදගත් කියන එක සහ අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉල්ලන්නේ අපෙන් දෙයක් ගන්න ඒ චරිත හරහා. අපෙන් 40% දායකත්වයක් තමයි තියෙන්නේ මොකක් හරි  නිරූපණයක් අපි කරද්දී අධ්‍යක්ෂක කිව්වෝත් ඕක හරි එය විදියට කරන්න කියලා. හැබැයි ඒ අධ්‍යක්ෂකවරයාට ඉතුරු 60% ත් ගන්න පුළුවන්නම් අපිත් දියුණු වෙනවා. මං කැමති ඒ දේයට.

* මේ පැමිණි ගමන් මග තුළ අනුකරණය කළ පුද්ගලයෙක් හිටියද?

පොඩි කාලයේ වීරයෝ තමයි  රොබින් හුඩ් ඒ චරිතත් එක්ක අපි දුණු හඳාගෙන කොටු ලී වලින් ඒ වගේ දේවල් කරා.ඊට පස්සේ මගේ ගම මහරගම මගේ ගෙවල් එහා පැත්තේ තමයි සුනිල් සෝම පීරිස් මහතා ඉන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක. මම චිත්‍රපටයක් රූගත කරනවා දැක්කේ ඉස්කෝලේ පළමු වසරේදී වගේ. අලේ ගෙවල් ළඟ තමයි රූගත කිරීම් කළේ. ඒ වෙලාවේ නළු නිළියෝ දැක්කා. ජීවන් කුමාරතුංග මහත්මා වගේ ගොඩාක් පිරිසක් දකින්න ලැබුණා. ඉතින් ඒ කාලයේ කරන්නේ ඉස්කොලේ ඉවර වෙලා ඇවිත් ඒ රූගත කිරීම් බලන එක. ඒ වෙලාවට කල්පනා කරනවා කවදාහරි දවසක මේ වගේ දේවල් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද කියලා. 1993 වසරේදී වගේ මං දැක්කා  ඩිලානි අබේවර්ධන මහත්මියව රූගත කිරීමක් කරනවා. ඊට පස්සේ 2001 වසරේදී මට ඩිලානි අක්කත් එක්ක රඟපාන්න හම්බ වුණා පෙම්වතා හැටියට. ඒ වෙලාවේ මං අක්කට කිව්වා ඒ  සිද්ධිය ගැන.


* ප්‍රවිණයන්ගේන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද? දැන් ක්ෂේත්‍රයට එන නවකයින්ට මොනවාගේ අවවාදයක්ද දෙන්න?

අපේ ප්‍රවිණ රංගන ශිල්පියන්ගෙන් අදට වුණත් ගන්න දෙයක් තියනවා. ඒක ප්‍රවීණයන්ගෙන් විතරක් නෙවෙයි නවකයින්ගෙනුත් එහෙමයි. මොකද ඉගෙන ගන්න දෙයක් තියනවානම් ඒක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. මොකද තමන් කලාකාරයෙක් වෙලා, තමන් නිහතමානී වෙනවානම් තමන්ට හොඳ ගමනක් යන්න පුළුවන්.

* ජනප්‍රිය වෙන් වැදගත් වෙන්නේ දක්ෂතාවයද එහෙම නැත්නම් වාසනාවද?

මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා. මොකද අපේ රටේ ඉතා දක්ෂ කලාකරුවන් ඉන්නවා නමුත් නාලිකාවලින් එයාලා ප්‍රසිද්ධ නෑ. නමුත් සමහරක් අය ඉන්නවා ගොඩාක් ජනප්‍රිය අය ඒ අයට රංගනය පැත්තෙන් අඩුපාඩු තියනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඉන්න ප්‍රේක්ෂකයෝත් දියුණුයි. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ වාසනව තියෙන්න ඕන. හැබැයි තියන දක්ෂතාවය ඔපමට්ටම් කරගත්තේ නැත්නම් ඒ වාසනාව කාලයකදී නැති වුණාට පස්සේ එතනින් ඒක ඉවර වෙනවා.



* ජීවිතයේදී වැඩිපුරම විශ්වාස කරන්නේ කාවද?

ජීවිතයේ වැඩිපුරම විශ්වාස කරන්නේ ගෙදර කට්ටියව. ගෙදර ඉන්න අම්මයි තාත්තයි හරි හෝ වැරදි කියන දේ තමයි පිළිගන්නේ.

* දැන් අනාගතයේදී විශ්වාස කරන්න පුළුවන් චරිතයක් හොයා ගන්න හෝ ඒ වාගේ කෙනෙක් එක්ක විශ්වාසයක් ගොඩනගා ගන්න බලාපොරොත්තුවක් නද්ද?


විවාහයක් දැන් ඉතින් වෙන්න ඕන කාලය තමයි.  මොකද විවාහය ගැන දැනට කියන්න බැරිකමක් තියනවා. එහෙම වෙනවානම් අනිවාර්යෙන් මං කියනවා. අවුරුද්දකට කළින් වගේ විවාහය සිද්ධ වෙයි. මොකද නිසි කාලයේදි නිසි දේ කරේ නැත්නම් කාලයක් ගිහින් පසු තැවෙන්න වෙන්නේ.

* මේ ගමන තුළ අමතක නොවන සිදුවීම් තියනවාද?

අමතක නොවන සිදුවීම් සෑහෙන්න තියනවා . ටෙලි නාට්‍යය වලට ගන්නවා කියලා අපිව කඩේ යවපු අවස්ථා තියනවා. නමුත් එහෙම කරන කට්ටියත් එක්කත් තරහා නෑ. හැබැයි එයාලා දැන් අපිව දකිද්දි එයාලා අපි ළඟට ඇවිත් කියනවා මල්ලි කොහොමද මල්ලි ගොඩ කාලයකින් දැක්කේ කියලා. ඊට පස්සේ ඉතින් එයාලම ඒ දවස්වල වෙච්ච දේවල් කියවනවා. නමුත් ඉතින් එයාලව හදන්න බැහැනේ එයාලා දැන ගන්න ඕන දැනගෙන හැදෙන්න. දැන් හැබැයි එහෙම දුකක් හිතට දැනෙන්නේ නැහැ. මොකද මං ආස කරන දේවල් කරලා තියෙන්නේ. මේ වෙනකොට තරඟයක් තියෙන්නේ මාත් එක්කම විතරයි. ඒ මොකක්ද දන්නවාද කරන චරිතය හොඳට සහ හරියට කරන්න. 

* මේ ගමන තුළ අනාගත බලාපොරොත්තු  මොනවාද?

මගේ බලාපොරොත්තුවක් තියනවා  පොඩි අලුත් ටෙලි නාට්‍යයක් කරන්න . මම ඒක අධ්‍යක්ෂණය කරන්නේ නැහැ මගේ යාළුවෙක්ට කියලා ඒක අධ්‍යක්ෂණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ටෙලි නාට්‍යය විවිධ වූ චරිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ දවස්වල අධ්‍යයනයක නිරත වෙලා ඉන්නේ. මේක කොහොමත් ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ වගේ තමයි වැඩ පටන් ගන්න බලාපොරොත්තුව. මොකද මේක කරන්න ඉස්සල්ලා දැනුම ඕන සහ කාලය ඕන.එහෙම දෙයක් කළාම හිතට හරිම සතුටුයි. මොකද අපිට හිතෙනවානේ මෙහෙම දෙයකුත් අපි කළානේ කියලා. ඉතින් ඒ වැඩේ තමයි මේ දවස්වල පොඩ්ඩක් අධ්‍යයනය කරගෙන ඉන්නේ.

* ඔබට මේ පැමිණි ගමන තුළ ස්තූති කරන්න කවුරුහරි ඇති ඒ ගැනත් මතක් කරමු?

ස්තූති කරන්නනම් මේ ලැබුණු කාලය මදි. මොකද එහෙම කියනවානම් සති දෙකක් තුනක් වගේ කියන්න පුළුවන්. මම 1995 වර්ෂයේ ඉඳළා මේ දක්වා කාලය තුළ අපේ ක්ෂේත්‍රයේ  ඉන්න අධ්‍යක්ෂකවරයා ඉඳළා තේ හඳන පුද්ගලයා දක්වා රූගත කිරීම් කරන්න ගමකට ගියාම එහෙදි වතුර ටිකක් හරි දීපු පුද්ගලයා දක්වා. සමහරක් කට්ටියව දැක්කේ නැහැ අවුරුදු 10ට විතර නමුත් අද හම්බ වුණා දෙරණ නාලිකාවේදී එක්කෙනෙක්ව . මං වාඩි වෙලා ඉන්නකොට මගෙන් එයා ඇහුවා මතකද කියා මං ඒ වෙලාවේ කිව්වා මූණ ටිකක් මතකයි කියලා. මං ඇහුවා එයාගෙන කොච්චර කාලයකදී අපි හම්බ වුණේ කියලා. එතකොට එයා කව්වා මං දැන් දෙරණට ඇවිල්ලා අවුරුදු 07ක් වෙනවා කිව්වා. එතකොට එයාව හම්බවෙලා තියෙන්නේ 2001 වර්ෂයේ රොඩ්නි විදානපතිරණ මහත්මයාගේ  ටෙලි නාට්‍යයක් කරන අවස්ථාවේදී.  ඉතින් 2001 වර්ෂයට පස්සේ තමයි එයාව අද දැක්කේ. ඉතින් ඒ වාගේ තව කොච්චර ඉන්නවද.  ඒ හැම කෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා. මේ වෙනකොට මගේ කරපු නිර්මාණ බලා මගේ අඩුපාඩු කියනවාට මම හරිම කැමතියි. ඇත්තටම දෙරණ නාලිකාවේ මුල් කාලයේදී  මං හිටපු නාට්‍යයක් විකාශනය වුණා. දෙරණ අවුරුදු උත්සවය විශේෂයෙන්ම. මොකද ඒක ලොකු දෙයක් ඒකට කලාකරුවෝ ඔක්කෝම එකතු වෙන හරිම ආස කරන  ලස්සන දෙයක්. කොහේ තිබුණත් ඕකට අනිවාර්යෙන්ම අපි එනවා. ඉතින් ඒ දේවල් එක්ක නාලිකා අපිත් එක්ක ඉන්නවා අපි නාලිකා එක්ක ඉන්නවා. ඒ වාගේම තමයි ප්‍රේක්ෂකයෝ හැම කෙනෙක්ම අපිත් එක්ක ඉන්නවා. අපිත් එහෙමයි. ඉතින් ඇත්තටම හරිම සන්තෝෂයි.