facebook

LK Gossip News Stats

ලැබීම අනුව ලැබෙයි           එදා ගීතය හරහා තමන්ගේ කට හඬින් රටක් වසඟයට ගත් බෝහෝ දෙනා අතර කතා බහට ලක් වුණු ආදරණීය චරිතය අද තවත් හේතු කාරණා නිසා ජනප්‍රියත්වයට පත්වෙලා ඇගේ ඉදිරි ගමන කොහොමද? එදා සහ අද අතර තිබෙන ගැලපීම කොහොමද ඒ හැම දෙයක්ම අද දෙරණ ආලින්දය තුළින් ඇයගෙන් විමසීමට අපි සුදානම්.


එනම් අපේ ආරාධනයෙන් අද දෙරණ ආලින්දයට පැමිණියේ නතාෂා පෙරේරා.

*කොහොමද මේ දවස්වල ජීවිතේ?

අලුත් වැඩ කිහිපයකට දැන් සුදානමින් ඉන්නේ.   ඒ කියන්නේ අලුත් ගීත කිහිපයක් ලැස්ති කරමින් ඉන්නවා. ඊට අමතරව මේ දිනවල මගේ  නීති උපාධිය අවසන් කළා.එකේ විභාග කටයුතු එක්ක තමයි කාර්යය බහුල වෙලා හිටියේ.මේ වෙනකොට උපාධිය අවසන්.

*මේ ආපු ගමනේ  පටන් ගැන්මට මූලික අඩිතාලම වැටුණේ කොහොමද?



මුලින්ම මම ක්ෂේත්‍රයට එන්නේ මීට අවුරුදු 13ට කලින්. මේ ක්ෂේත්‍රයට අවේ මම ළමා ගායිකාවක් විදියට.ඉතින් ඇත්තටම මං අද ඉන්න තැන සහ එදත් අදත් මේ හැමදේකටම මූලික වුණේ මගේ අම්මා. මං හැමතැනදීම ඒක කියනවා.එදා වගේම අදටත් සෙවණැල්ල වගේ මගේ පස්සේන් ඉන්නේ මගේ අම්ම තමයි.ඉතින් මුලින්ම ඇගේ සිහිනයක් බලාපොරෝතුවක් මත තමයි මම ගායිකාවක් බවට පත්වෙන්නේ. මේ වෙලාවේ මුලින්ම මතක් කරන්න ඕන ග්‍රේෂන් ආනන්ද මාමා අප අතරින් වියෝ වුණ.ඔහුගේ අතින් තමයි මට මුලින්ම ගීත 4ක් සංගීතවත් කළේ.ඊට පස්සේ ජගත් වික්‍රමසිංහ මාමා, ඊට පස්සේ තමයි රෝහණ ධර්මකීර්ති මාමා මගේ සිංදු සංගීත් කළේ. සුළඟක් වී මං යනවා ගීතයත් ඒකට අඩංගුයි. ඊට පස්සේ එඩ්වඩ් ජයකොඩි මාමා. ඔහුට ආරාධනා කළ මාත් එක්ක මේ ගීතය ගායනා කරන්න එන්න කියලා.ඉතින් මේ ගීතය ගොඩක් දෙනා ආදරය කළා. ලොකු පුංචි කවුරුත් මේ ගීතයට ආදරය කළා.                                                                                                                                                       
                                                                * සුළඟක් වී ගීතයේ ආරම්භය සහ  අතීතය මොනවාගේද කියලා මතක් කරන්න පුළුවන්ද?

කෙනෙක්ට ටිකක් වයසින් මුහුපුරා යනකොට තමයි  ගොඩාක් දේවල් තේරෙන්න පටන් ගන්නේ.නමුත් ඒ කාළේ ගායිකාවක් වෙනවද, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ වෙනවද කියලා කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ පිළිබඳව කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒක වාසනාවද එහෙමත් නැත්නම් කැපවීමද ගැන දැනීමක් තිබුණේ නැහැ. ඉතින් අද බලනකොට ඒ පිළිබඳවා නිහතමානී සතුටක් ආඩම්බරයක් තියනවා.

* එදා සුළඟක් වී ගීතය වගේ ගීත අපේ දෙසවන් වලට ඇහුනට අද වන විට තරමක් වෙනස් ආකාරයේ සංගීත රටාවක් ලංකාව තුළ තියෙන්නේ ඒ පිළිබඳවා මොනවාගේ අදහස්ද නාතාෂාට තියෙන්නේ?


ඕනම දෙයක් සදාකාලික නැහැ.ඕනම දෙයක වෙස්වීමක් තියනවා . ලංකාවේ දැන් සංගීත රටාව වෙනස්. දැන් රසිකයා බලාපොරොත්තු වන දේවල් වෙනස්.එහෙම තමයි ඉතින් කාලයෙන් කාලයට විවිධ වූ රැළි එනවා. අලුත් දේවල් එනවා. ඉතින් එවාට හැඩ ගැහෙන්න තමන් තීරණය කරන්න ඕන.                                                                                          * සුළඟක් වී ගීතය ජනප්‍රිය වෙනවාත් එක්කම එක එක කටකතා පැතිරෙන්න ගත්තා මොකක්ද මේකේ ඇත්ත නැත්ත?
ඒ කාලයේ මේ ගීතය මං කියද්දී “මේ එඩ්වඩ් මහත්තයාගේ දුව නේද“ කියලත් සමහරක් අය මට කියන්න ගත්තා.ඒ ආදරය මට ගීතය හරහා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා. දැන් ශාරන්‍යාට පැවරුවා කියන තැනට අවෝත් මං එය කිසිම විදියකින් කුමන ස්ථානයකදීවත් කරලා නෑ. නමුත් විශාරද එඩ්වඩ් ජයකොඩි මාමාගේ මාරාම්බරී ප්‍රසංගයේදී ඔහු ශාරන්‍යත් එක්ක ඒ ගීතය ගායනා කරනවා.  ඒ ඇරෙන්න ඒ ගීතයේ අයිතියක් ලබාගෙන නෑ.



* අනාගතයේදී වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ ඉන්න බලාපොරොත්තු වෙනවාද?

මම මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පෞද්ගලිකව දකින්නේ මේ ක්ෂේත්‍රය පූර්ණ කාලීනව රැදෙනන්න   ටිකක් අමාරුයි. එහෙම පූර්ණ කාලීනව ඉන්න බොහෝ දෙනා ඉන්නවා. නමුත් මම වෘත්තීය වශයෙන් තෝරාගෙන ඉන්නේ මගේ අධ්‍යාපන සුදුසුකම් මත නීතිය පැත්ත තමයි. මං සංගීතයත් හැදෑරීම් කළා.විශාරද උපාධියත් ලබා ගත්තා මීට අවුරුදු 3ට කළින්. ඉතින් ඕනම දෙයක් හැදෑරීමක් සමගින් ගියෝත්  වෘත්තීයක් කර ගන්න පුළුවන්. නමුත් දැන් මං තෝරාගෙන ඉන්න වීෂය හැටියට ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

* මේ හැම බලාපොරෝත්තුවක් එක්කම අලුතින් ගීතයක් එළි දක්වන්න අදහසක් නැද්ද?

පසුගිය දවස්වල මගේ කාර්යය බහුලත්වය තිබුණේ විභාග කටයුතුත් එක්ක දැන් ඒවා  ටිකක් ඉවරයි. ඉතින් මේ දවස්වල අලුතින් ගීතයක් නිර්මාණය කරන්න තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. බලමු අපි ඉස්සරහාට ඒක මොනවාගේ ගීතයක් වෙයිද කියලා.                                                                                                                            
* මොනවගේ කාලකදී අපිට මේ ගීතය අහන්න ලැබෙයිද?

ටික කාලයක ඉදළා කිව්වා ගීතයක් ඉක්මනට නිකුත් කරනවා කියලා.නමුත් ඒක වුණේ නෑ. ළඟදීම මේ වසර අවසාන වෙන්න කළින් ගීතයක් බලාගන්න පුළුවන්?

* නතාෂා පෙරේරා කියන්නේ ගායනයෙන් විතරක් නෙවෙයි රංගනයෙනුත් දක්ෂතා දක්වපු කෙනෙක්. ඒ සම්බන්ධයෙන්  ටිකක් කතා කරමු?

රංගන ක්ෂේත්‍රයයි ගායන ක්ෂේත්‍රයයි මේ දෙකම මට ටිකක් සමාන්තරව ගිය දෙයක්, රංගනයටත් මට ආරාධනා ලැබුණා. නමුත් ඉතින් ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණේ මගේ අනෙකුත් වැඩ කටයුතු නිසා . බලමු ඉදිරියේදී මට හොඳ ආරාධනාවක් ලැබුණොත්. මේ වන විට මගේ වැඩ කටයුතුත් අවසාන වේගෙන එන නිසා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න ඉඩ තියනවා.                               * නතාෂාගේ පළමු ටෙලි නාට්‍ය තමයි දඟමල්ල කොහොමද ඒ පිළිබඳ මතකය?
දඟමල්ල සහ අමුතු ඉස්කොලේ කියන්නේ  “ද නෝටිස් ගර්ල් ඉන් ද ස්කූල්“ කියන කෘතියේ  සිංහල පරිවර්තනයක්.  ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද  මහත්මිය අතින් තමයි නිර්මාණය වුණේ. මේක මුලින්ම ගුවන් විදුලි නාටකයක් විදියට තමයි වුණේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන එහි නිෂ්පාදනය පද රචනය සහ අධ්‍යක්ෂණය යන හැමදේම නාලක සෝමතිලක මහත්මයාගේ අතින් තමයි සිදු වුණේ. එහිදීත් එළිසබත්ට හඬ දුන්නේ මමයි.  ඊට පස්සේ තමයි මේක වේදිකා නාට්‍යක් වෙන්නේ 2003 වර්ෂයේ. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම දෙවැනී නිෂ්පාදනය සහ හොඳම දෙවැනි නිළිය යන සම්මාන ලබා ගන්නාව දඟමල්ල වේදිකා නාටකය. 2007 වර්ෂයේ තමයි දඟමල්ල ටෙලි නාට්‍යක් බවට පත්වන්නේ  ඒ තුළින් තමයි ප්‍රේක්ෂකයන් වැඩියෙන් මතකයක් තියෙන්නේ.                                                                                                                                                              * මේ වෙනකොට ඔබ‍ට ගායනයෙන් සහ රංගනයෙන් අත්දැකීම් තියනවා. මේ දෙකෙන්ම වැඩියෙන්ම කැමති මොකටද?
ඇත්තටම මාව රංගන ශිල්පිණියක් විදියට හඳුන්වන්න පුළුවන්ද කියලත් කුතුහලයක් තියනවා. මොකද මං එහෙම ගොඩාක් නිර්මාණ කරලා නෑ. ඉතින් මේ වන විට මාව විවිධ අය විවිධ විදියට හඳුන්වනවා, ඉතින් එයාලා මොන විදියට හැඳින්වූවත් මං එය සතුටින් භාර ගන්නවා. ඉතින් ඒක නිසා මං විශේෂයෙන් කැමති කියල දෙයක් නෑ ඔනෑම දෙයක් හොඳින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

* වැඩි දුර හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන අංශයෙන්ද? 


ගායනයෙන් මං විශාරද උපාදිය දක්වා ඉගෙන ගත්තා‍.  ඒ වගේම රංගනයට වැඩිපුර කාලයක් වෙන් කරගන්න වෙනවා. ගායනයටත් ඒහෙමයි. ඒවාගේම කැප කිරීමක් කරන්න වෙනවා. නමුත් මං හිතනවා තමන්ගේ කාලයත් එක්ක තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් නිර්මාණ වලට රංගනයට වඩා ගායනයට ඒ කාලය යොදවන්න පුළුවන් කියලා. මොකද රංගනය කියලා කියන්නේ ගොඩාක් කාලයක් වැය කරලා කැප වීමකින් කරන්න ඕන දෙයක්.                     * මේ අදහස් එක්ක කෙනෙක් කිව්වෝත් නතාෂා කැමති කෙටි කාලයකින් ජනප්‍රියත්වය හා යම් කිසි දේවල් ලබා ගන්න යම්කිසි ආකාරයකින් කැප කිරීමකින් තොරවයි කියලා?
‍පළමු දේ තමයි එක දෙයක් කැප කරන්න ඕන තව දේයක් ලබා ගන්න. මොකද මගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට මූලික තැන දෙන්න ඕන. මං ඉස්සල්ලා කිව්වා වගේ කිසිම දේයන් සදාකාලික නෑ වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්න  එකත් එහෙම තමයි.  මං දැන් ගොඩ කාලයකින් මගේම කියලා නිර්මාණයක් නොකලත් අදටත් ප්‍රේක්ෂකයින් මාව හොඳින් දන්නවා.

*නතාෂා ජනප්‍රියත්වය පෞද්ගලිකත්වයට බාධාවක් නෙවෙයිද?
ඔව්. ඒ අතින් අපේ ලංකාව වාසනාවන්තයි.මොකද අපි දන්නවා බොලිවුඩ්, හො‍ලිවුඩ් වල පැපරාසී කියන දේ   ලංකාවට වඩා වැඩියි.ගොසිප් එහෙමත් හරියට වැඩියි. පිට රට නිළියන් යන පෞද්ගලික ගමන්වල ඡයාරූප පවා ගන්නවා‍. ඉතින් මේවා එන්නේ ජනප්‍රියත්වයත් එක්කමයි.මොකද එහෙම වෙන්නේ  එයාව රටේ මිනිස්සු දන්නවා .ඉතින් එතකොට ඔහුගේ පෞද්ගලික දෙයක් හරි, කන්න කැමති දෙයක් හරි, අඳින්න කැමති දෙයක් හරි පුංචි දේවල් පවා දැන ගන්න රසිකයා කැමතියි. ඉතින් මේ වගේ දේවල් හොඳටම අපි දකින්නේ යුරෝපීය රටවල. ඉතින් එවාගේ ‍දේවල් ඔවුන් ඉතාම සතුටින් භාර ගන්නවා.
* දැන් එතකොට නතාෂාට ජනප්‍රියත්වය බාධාවක් නෙවෙයිද?
මෙහෙමයි සමහර අවස්ථාවන් වලදී බොහෝ දෙනා කියන දෙයක් තමයි මං හරිම ආඩම්බරයි කියන එක.  මං එ‍හෙම දේවල් අහලා තියනවා. ඉතින් සමහර අවස්ථාවන් වලදී මං එහෙම තමයි. මොකද ඔවුන් හිතන්නත් ඕන අපිත් ඔවුන් වගේමයි කියලා. සමහරක් හදිසි අවස්ථාවන් වලදි ලෙඩක් වෙලා ඉස්පිරිතාලේකට එමෙහ යද්දී හිනා වෙලා ඉන්න බැහැනේ. එතකොට ඒ වාගේ තැන් වලදී නිගමන වලට එන එක හොඳ නෑ.

* මේ ආපු ගමනට තුළ කොහොමද ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ?


අනිවාර්යෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.ප්‍රවීණයන් විතරක් නෙවෙයි තමන් ආපු මුල අමතක කරන්නත් හොඳ නෑ. මොකද තමන්ට වචනයකින් හරි උදව් කරපු අයව අමතක කරනවා කියන්නේ කොහේවත් ඉන්න බෑ. මේ ක්ෂේත්‍රයේ විතරක් නොවෙයි ජීවිතයේදීත් එහෙමයි.


* නර්තන ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?


මම අවුරුදු 13 ක් උඩරට නර්තනය හැදෑරුවා. විශාරද ස්වර්ණා මිහිරිතැන්න ගුරු මෑණියන් යටතේ.ඇය මගේ පාසලේ නර්තන ශිල්පිණියයි. ඒ වගේ නර්තනය පැත්තෙන් මං හැදෑරීම් කළා. නමුත් ඒ පැත්තේන ඉස්සරහට ගියේ නෑ. ආරාධනා ගොඩාක් ලැබුණා නර්තන ප්‍රසංග සහ රියැලටි වැඩ සටහන් වලට. නමුත් මට ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. මේ වෙලාවේ  පාසල ගැනත් මතක් කළොත් බම්බලපිටිය හෝලි ෆැමලි කන්වන්ට් එක ඊට පස්සේ ගේට් වේ ජාත්‍යන්තර පාසලට ගියා උසස් පෙළ විභාග කටයුතු කරන්න.

 * නතාෂා පෙරේරා කියන්නේ මොන වගේ චරිතයක්ද?


ඇත්තටම සරල කෙනෙක්, ජීවිතයේ ලොකු බලාපොරොත්තු නැති.සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්.                          * ජීවිතයේ මොන වගේ සීමාවන්ද පනවාගෙන තියෙන්නේ?

අපි ඕනම කෙනෙක්ට සීමාවන් ඕන‍. සීමාවන් නැත්නම් හරි සීමාවන් පැන්නෝත් හරි ඕනම කෙනෙකු නරක පැත්තට හැරෙන්න පුළුවන්. මොකද මගේ ජීවිතය ගැන පෞද්ගලිකව බැලුවොත් මගේ හරි වැරැද්ද  තෝරා දෙන්න මගේ හැම දේටම ළඟින් ඉන්නේ මගේ අම්මා. සමහරක් වේලාවට ඒක මට අවාසියක් වෙන්න පුළුවන් මොකද ඇය කවදාහරි දවසක මගේ ළඟ නැති වුණෝත් මට ඒක ගොඩාක් දැනෙන්න පුළුවන්. නමුත් ඒ නිසා මං හිතනවා අම්මිගේ තියන ශක්තිය නිසා තමයි මට ගොඩාක් දේවල් වලින් වැලකී සිටින්න පුළුවන් වෙලා තියෙන්නේ.

* නාතාෂා මේ වන විට අම්මගේ ආදරයට අමතරව වෙනත් ආදරයක් ලබනවාද?

ආදරය කියන දේ හැමොටම තියෙන්න ඕන දෙයක්‍. නිසි වයසකට ආවම පස්සේ තමන්ගේ ජීවිතයේ තවත් කඩයිමක් පනින්න ඕන. විවාහ වෙන්න ඕන. ඒ කොහොම වුණත් ජීවිතයේ සහකරුවා හරි සහකාරීය හරි ලැබෙන්නෙත්  ඉතින් මං හිතන්නේ ලැබීම අනුව තමයි.‍‍

* අනාගත සහකරුවා පිළිබඳව මොනවාගේ රූපයක්ද තියෙන්නේ?


ඔව්.හැමෝම කියනවා වගේ මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. තේරුම් ගැනීම සහ මට අනිවාර්යෙන්ම ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔහුටත් මගෙන් ඒ දෙක තමයි විශේෂයෙන්ම සහකරුවාටත් අවශ්‍ය වන්නේ.                                                                                                                                                        * මේතාක් දුර පැමිණි ගමන් මාර්ගය තුළ වැඩියෙන්ම ආදරය දක්වන්නේ කාටද සහ පැමිණි ගමන් මාර්ගය තුළ වැඩියෙන්ම මතකයේ රැඳෙන්නේ කවුද  ඔබට?
ඊයෙත් අදත් හෙටත් වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මට. මේතාක් දුර එන්න මට වචනයකින් හරි උදව් උපකාර කළ හැම කෙනෙක්ටම මං ස්තූති වන්ත වෙනවා. මොකද මට නම් වශයෙන් කියන්න බෑ. ඒ වාගේම තමයි මාගේ ආදරණීය ප්‍රේක්ෂකයින් ඔවුන්ගෙන්  හොඳ නරක දේකම ලැබෙනවා එක ඉතින් සාමන්‍ය දෙයක්. ඉතින් ඔවුන් ඉන්නකන් තමයි මේ වගේ වැඩසටහනකට හරි ආරාධනා ලැබෙන්නේ.එයාලා ප්‍රතික්ෂේප කරපු දවසට ඉතින් මුකුත් නෑ.

* අනාගතයේ දවසක අපිට ඔබව මොනවාගේ  විදියට දැක ගන්න ලැබෙයිද?

අනාගතය මොන වගේ වෙයිද කියලා කියන්න බෑ.                                                                                                        * අනාගත සිහින බලාපොරොත්තු මොනවාද කියලා කියන්න පුළුවන්ද?

මගේ වෘත්තීය පැත්තෙන් කතා කළෝත් නීතිය පැත්තෙන් ඉදිරියට යන වෘත්තීයක් තමයි නියැලෙන්න බලාපොරොත්තු වන්නේ. ඊට අමතරව හොඳ ජීවිතයක් ගත කරගෙන කාටවත් බරක් වෙන්නේ නැතිව ජීවත් වෙන්න තමයි කැමතියි. මගේ හිතේ තවත් ආස කරන දේවල් තියනවා ඒවාත් ටික ටික මට ඉෂ්ඨ කර ගන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා.